අනුරාධපුර, තිරප්පනේ ගල්කුලම ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

ඊයේ (25) රාත්‍රී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

වෙඩි වැදීමෙන් තුවාල ලැබු පුද්ගලයා ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ.

මෙලෙස තුවාල ලබා ඇත්තේ 28 හැවිරිදි මිහින්තලය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේය.

කවුරුන් විසින් මෙම වෙඩි තැබීම සිදුකළේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් තිරප්පනේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here