මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේ පවත්වාගෙන ගිය නඩුවක ලේඛණයක් කුරුටු ගෑවේ
කවුරුන්ද? යන්න සෙවීම සඳහා අවශ්‍ය වුවහොත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට
බාරදෙන බව මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය දැනුම් දී
තිබෙනවා.

මාලිගාකන්ද මහෙස්ත්‍රාත් උසාවියේ පවත්වාගෙන ගිය ප්‍රශ්ණගත ‘මෝෂන් පොත’ මුද්‍රා කර
සේප්පුවේ තැබීමටද නියම කළ මහේස්ත්‍රාත්වරිය කුරුටු ගෑ සටහන කුමක්ද යන්න හෙළි කර
ගැනීමට අවශ්‍ය වුවහොත් ප්‍රශ්ණගත ‘මෝෂන් පොත’ රජයේ සැකටයුතු ලේඛණ පරීක්‍ෂකවරයාට
යැවීමට පියවර ගන්නා බවද වැඩිදුරටත් දැනුම් දුන්නා.

2024 ජනවාරී 09 වැනිදා ප්‍රශ්නගත නඩුව කැඳවීම තමා ප්‍රතික්‍ෂෙප කිරීමෙන් අනතුරුව තමා නිවාඩු
ගිය දිනයක වැඩබලන මහෙස්ත්‍රාත්වරිය හමුවේ මෙම නඩුව කැඳවා ඇති බවද අවධාරණය කළ
මහෙස්ත්‍රාත්වරිය මෙම නඩුවට අදාළව මාලිගාකන්ද වැඩබලන මහෙස්ත්‍රාත්වරිය ප්‍රශ්ණගත
නියෝගය දී ඇත්තේ ප්‍රමාද දෝෂයකින් බව තමා මේ වන විටත් සිතන්නේ යැයිද සඳහන් කළා.

නේවාසික රෝගියකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික
රෝහලකට සහ එහි අධක්‍ෂවරුන්ට එරෙහිව පවරා තිබු නඩුව 2024 ජනවාරී 19 වැනිදා කැඳවීමට
නියම කර තිබියදී නඩුව 2024 ජනවාරී 09 වැනිදා කැඳවීමට නියම කරන්නැයි ඉල්ලීම් කිරීම මෙන්ම
එදින නඩුව සම්බන්ධයෙන් කළ කාර්යයන් පිළිබඳව ආසිරි රෝහලේ පවත්වාගෙන යන මෙමෝ පත්‍ර
පරීක්‍ෂා කර උසාවියට ලිඛිතව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ආසිරි රෝහලේ නීතීඥ ශර්මිලා
ප්‍රනාන්දු මහත්මියට මහෙස්ත්‍රාත්වරිය නියම කළා.

නේවාසික රෝගියකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික
රෝහලකට සහ එහි අධක්‍ෂවරුන්ට එරෙහිව පවරා තිබු නඩුවේදී මාලිගාකන්ද වැඩබලන
මහෙස්ත්‍රාත්වරිය දුන් නියෝගය දෝෂ සහගතද? නැද්ද? යන්න පිළිබඳ තීන්දුව සකස් කිරීම සඳහා
නඩු ගොනුව සහ ඊට අදාළ ලේඛණ පරීක්‍ෂා කිරීමේදී උසාවියේ පවත්වාගෙන ගිය ‘මෝෂන් පොතේ’
2024 ජනවාරී 09 වැනිදා ප්‍රශ්නගත නඩුව කැඳවන්නැයි ඉල්ලා තබා තිබු සටහනක් කිසිවකුටත්
හඳුනාගත නොහැකි අන්දමට ‘කුරුටු ගා’ ඇති අන්දම නිරීක්‍ෂණය කළ බවද සඳහන් කළ බවද
මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය අවධාරණය කරනු ලැබුවා.

මෙම නඩුවට අදාළව කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධක්‍ෂවරුන් වන විශාල් බාලී,
අශෝක පතිරගේ, අන්තූර් නාන්ද් තදානි, මංජුල කරුණාරත්න, සුදර්ශන් අහංගම, හැරිස් ප්‍රේමරත්න,
සිවකුමාර් සෙල්ලයියා, හරේෂ් කුමාර් කයිමාල්, අජිත් කරුණාරත්න සහ අදාළ පෞද්ගලික රෝහලේ
සේවිකාවක් වන බී.ඩී. සඳතිසරු නමැත්තන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින්
මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නොතිසි නිකුත් කිරීම වළකාලන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි
ඉල්ලා අදාළ රෝහල අභියාචනාධිකරණයේ පවරා තිබු පෙත්සම ඉල්ලා අස්කර ගැනීමෙන් අනතුරුව
මහෙස්ත්‍රාත් අධිකරණයේ මෙම නඩුව කැඳවනු ලැබුවා.

නුගේගොඩ හයිලෙවල් පාරේ පදිංචි සනත් කුමාර අතුකෙකා්රල මහතා සෞඛ්‍ය අමාත්‍යංශයට කරන
ලද පැමිණීල්ලකින් අනතුරුව ජාතික ඖධෂ නියාමන අධිකාරියේ ආහාර ඖධෂ පරීක්‍ෂකවරයා විසින්
කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධක්‍ෂවරුන්ට එරෙහිව නඩු පවරා ඇත.

2023 පෙබරවාරී 07 වැනිදාත් 19 වැනිදාත් අතර කාලය තුළ නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික
රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සමරකෝන් මුදියන්සේලාගේ මන්ත්‍රී කුමාරිහාමි මහත්මියට
උපරීම සිල්ලර මිලක් නියම කර ඇති ඖධෂ එම උපරීම සිල්ලර මිලට වඩා වැඩිමිල ගණන් යොදා මුදල්
අයකළ බවට ඖධෂ නියාමන අධිකාරි පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 11ක් යටතේ
ජාතික ඖධෂ නියාමන අධිකාරිය විසින් නඩු පවරා තිබුණා.

ජාතික ඖධෂ නියාමන අධිකාරිය මෙම නඩුව පැවරූ පසු ජනවාරී මස 23 වැනිදා අධිකරණයේ පෙනී
සිටින ලෙස නියම කරමින් විත්තිකරුවන්ට නොතිසි නිකුත් කර තිබියදී ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය
රාජකාරි නිවාඩු ගත් ජනවාරී මස 17 වැනිදා මෝෂමක් මාර්ගයෙන් වැඩබලන මහෙස්ත්‍රාත් හිමාලි
ඒකනායක මහත්මිය හමුවට අදාළ සමාගමේ බලයලත් නියෝජිතවරයකු වශයෙන් කැලුම් ගිමේන්ත්‍ර
ජයසුරිය නමැත්තා ඉදිරිපත් වී අදාළ චෝදනාවන්ට වරද පිළිගැනමෙන් පසු ඔහුට රුපියල් 25000/-ක
දඩයක් නියම කොට තිබු අතර දඩ මුදල නොගෙවුවහොත් මාස 06ක සිරදඬුමකට ඔහු යටත් කෙරුණා.

නේවාසික රෝගියකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික
රෝහලකට සහ එහි අධක්‍ෂවරුන්ට එරෙහිව පවරා තිබු නඩුවේදී මාලිගාකන්ද වැඩබලන මහෙස්ත්‍රාත්වරිය
දුන් නියෝගය දෝෂ සහගත බවට අගතියට පත් සනත් කුමාර අතුකෙකා්රල මහතා කළ පැමිණල්ලකට
අනුව වැඩබලන මහෙස්ත්‍රාත්වරිය දුන් නියෝගය දෝෂ සහගතද? නැද්ද? යන්න පිළිබඳ සෙවීම සඳහා නඩුව
යළි විවෘත කළ අතර එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා මහෙස්ත්‍රාත්වරියගේ නියෝග මත අධිකරණ
භාෂණ පරිවර්ථක අචිනි වීරකෝන් මෙනවිය නඩුවට කැඳවනු ලැබුවා.

ඒ අවස්ථාවේදී අධිකරණය ඇමතූ මහෙස්ත්‍රාත්වරිය” වැඩබලන මහෙස්ත්‍රාත්වරිය දුන් නියෝගය දෝෂ
සහගතද? නැද්ද? යන්න පිළිබඳ තීන්දුව සකස් කිරීම සඳහා නඩු ගොනුව සහ ඊට අදාළ ලේඛණ පරීක්‍ෂා
කිරීමේදී උසාවියේ පවත්වාගෙන ගිය ‘මෝෂන් පොතේ’ 2024 ජනවාරී 09 වැනිදා ප්‍රශ්නගත නඩුව
කැඳවන්නැයි ඉල්ලා තබා තිබු සටහනක් කිසිවකුටත් හඳුනාගත නොහැකි අන්දමට ‘කුරුටු ගා’ ඇති
අන්දම නිරීක්‍ෂණය කළ බවද ඒ අනුව නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර ‘මෝෂන් පොත්’
‘කුරුටු ගෑවේ’ කවුද? යන්න සෙවීම ඉතාම වැදගත් බවත් අවධාරණය කළා.

ප්‍රශ්නගත නඩුව 2024 ජනවාරී 24 වැනිදාද කැඳවන්නැයි ඉල්ලා ‘මෝෂන් පොතේ’ සටහනක් යොදා
අත්සනක් යොදා ඇති බව පවසමින් ප්‍රශ්නගත ‘මෝෂන් පොත’ පරීක්‍ෂා කිරීම සඳහා නීතීඥ රලිත
අමරසේන මහතාට දුන් අවස්ථාවේදී එය තමාගේ අත්සන බව පිළිගත් නීතීඥ අමරසේන මහතා
එදිනය පෙර තමා මෙම නඩුවට අදාළව මෝෂන් පත් ඉදිරිපත් නොකළ බවත් තමන් මෙම නඩුවට
සම්බන්ධ වුයේ 2024 පෙබරවාරී මාසයේ සිට බවත් පැවසුවා.

ඒ අවස්ථාවේදී නඩුවේ විත්තිකරුවකු වන අදාළ සමාගමේ බලයලත් නියෝජිතවරයකු වශයෙන්
අධිකරණයට ඉදිරිපත් වී ඇති කැලුම් ගිමේන්ත්‍ර ජයසුරිය නමැත්තා ඇමතූ මහෙස්ත්‍රාත්වරිය 2024
ජනවාරී 19 වැනිදා තමා උසාවියට ආවාද? යනුවෙන් විමසා සිටි අවස්ථාවේදී ඊට පිළිතුරු දෙමින්
තමා එදින උසාවියට නොපැමිනි බව හොඳටම විශ්වාෂ බවත් නඩුව තිබුණේ 2024 ජනවාරී 23 වැනිදා
නිසා එදින උසාවියට පැමිනීමට තමාට කිසිඳු අවශ්‍යතාවයක් තිබුණේ නැතැයිද සඳහන්.

ඒ අවස්ථාවේදී අධිකරණය ඇමතූ මහෙස්ත්‍රාත්වරිය 2024 ජනවාරී 19 වැනිදා මෙම නඩුව කැඳවන
ලෙස ඉල්ලා ‘මෝෂන් පොතේ’ ස්ථාන දෙකක සටහන් දෙකක් තබා ඇති බවත් එම නඩුව අධිකරණ
ලේඛාධිකාරීවරයා විසින් ලකුණු නොකිරීම හේතූවෙන් පසු අවස්ථාවක එක් අංකයක් කිසිවකුටත්
හඳුනාගත නොහැකි වන අන්දමට ‘කුරුටු ගා’ ඇති බව නිරීක්‍ෂණ කළ බවත් සඳහන් කළා.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය” 2024 ජනවාරී මාසයේදී තමා ආයතනය
වෙනුවෙන් උසාවියට ආවාද? ආසිරි රෝහලේ නීතී නිලධාරී නීතීඥ ශර්මිලා ප්‍රනාන්දු මහත්මිය
” 2024 ජනවාරී මාසයේ උසාවියට ආවද කියා මට මතක නැහැ”

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය” මට මතක නැහැ කියා හරියන්නේ නැහැ” මතක්
කරගත යුතුයි” ආයතයේ ‘මෙමෝ’ පත මඟින් උසාවියට ආවද කියා සෙවිය හැකියි නේද?

නීතීඥ ශර්මිලා ප්‍රනාන්දු මහත්මිය” ඔව්” මං කාර්යාලයට ගිහිං ඒ බව සොයා කියන්නම්” කාර්යාලයේ
කැලැන්ඩරය පරීක්‍ෂා කර බලා ඒ බව දැනුම් දිය හැකියි”

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය” ආසිරි රෝහල වෙනුවෙන් පෙනී සිටීම සඳහා
එහි නියෝජිතවරයාට බලය පවරමින් ලිපිය දුන් දිනයේදීම මෙම නඩුව කැඳවීමට ‘මෝෂන් පොතේ’
සටහන් දෙකක් දාලා තියෙනවා” එක් සටහනක් ‘කුරුටු ගා’ තියෙනවා” නඩුව කැඳවීමට මෙලෙස
සටහන් තැබු පාර්ශව දෙක කවුද? යන්න සෙවිය යුතුයි” එක් මෝෂන් පතක් මං ප්‍රතික්‍ෂෙප කළ පසු
නඩුව යළි කැඳවා ඇත්තේ කෙසේද? යන්න සෙවිය යුතුයි”

අගතියට පත් සනත් අතුකෝරල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රංජිත් හීල්ලගේ මහතා කරුණු
දක්වමින් වැඩබලන මහෙස්ත්‍රාත්වරිය දුන් නියෝගය නීතී්‍යානුකූලද? ඖෂධ නියාමන අධිකාරී පනත
අනුව පුවත්පත් දැන්වීම් පළ කළ යුතු වුවත් එසේ කිරීමට නියෝග නොකළේ ඇයි? ආදී සියළු කරුණු
සෙවිය යුතුයි”

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය” වැඩබලන මහෙස්ත්‍රාත්වරිය අදාළ නියෝගය දී
ඇත්තේ ප්‍රමාද දෝෂයකින් බව මා තවමත් හිතනවා”

‘මෝෂන් පොතේ’ තැබු සටහන කුරුටු ගෑම සම්බන්ධයෙන් අධිකරණයෙන් යොමු කළ ප්‍රශ්ණ වලට
සවිස්තර වාර්තාවක් වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ආසිරි රෝහලේ නීතී නිලධාරී නීතීඥ
ශර්මිලා ප්‍රනාන්දු මහත්මියට නියම කළ මහෙස්ත්‍රාත්වරිය නඩුව ජුලි 07 වැනිදා යළි කැඳවීමටද නියම
කළා.

පැමිණීල්ල වෙනුවෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ආහාර හා ඖෂධ පරීක්‍ෂක මහින්ද සිරිකුමාර
මහතා පෙනී සිටි අතර අතෘප්තියට පත් සනත් කුමාර අතුකෝරල මහතා වෙනුවෙන් නීතීඥවරුන් වන
උදාර විජේසිංහ සහ රන්දුණු හීල්ලගේ මහත්වරු සමඟ නීතීඥ රංජිත් හීල්ලගේ මහතා පෙනී සිටියා

විත්තිකාර පෞද්ගලික රෝහල සහ එහි අධ්‍යක්‍ෂවරු වෙනුවෙන් නීතීඥ නිලංක පොල්ගම්පොළ සහ
රලිත අමරසේන මහත්වරුන් සමඟ නීතීඥ ජීවන්ත ජයතිලක මහතා පෙනී සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here