ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.
ඊයේ දින තරගය නතර කරන විට බංග්ලාදේශ පිල පළමු ඉනිම සඳහා කඩුළු 8ක් දැවී ලකුණු 220 ක් ලබා සිටි අතර අද උදෑසන බංග්ලාදේශ පිලේ පළමු ඉනිම ලකුණු 247කට සීමා කරමින් සෙසු කඩුළු දෙකද දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.