නීති විරෝධී අත්අඩංගුවට ගැනීම්, පොලිස් පහර දීම් සහ මිනිස් ඝාතන ඇතුළු කරුණු 07ක් පිලිබදව අවධානය යොමු කර කටයුතු කරන ලෙස ඉල්ලා ජන අරගලයේ පුරවැසියෝ සංවිධානය කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයට අද (26) ලිපියක් භාර දී තිබේ.

ජන අරගලයේ පුරවැසියෝ සංවිධානයේ ලේකම් චානක බණ්ඩාර ගුණතිලක විසින් එලෙස භාර දුන් ලිපිය මගින් පෙන්වා දෙන්නේ නීතියේ ආධිපත්‍යය, භාෂණයේ නිදහස, මානව හිමිකම් අයිතිය, නීති විරෝධී අත්අඩංගුවට ගැනීම්, ජීවත්වීමේ අයිතිය සම්බන්ධ ගැටළු පවතින බවය.

එම නිසා සිවිල් සමාජයේ කාර්යයන් සහ මිනීමැරුම්, නීති විරෝධී අත්අඩංගුවට ගැනීම්, පොලිස් පහර දීම් සහ මිනිසුන් ඝාතනය කිරීම, විශ්ව විද්‍යාලයේ සිදුවන අමානුෂික සහ ම්ලේච්ඡ ක්‍රියාවන් හේතුවෙන් සිසුන් ආතතියට පත් වී ඝාතනයට ලක් වීම, ජාත්‍යන්තරව පිළිගත් සම්මුතීන්ට අනුව බන්ධනාගාරවල ගුණාත්මකභාවය පවත්වා ගැනීම, සිවිල් සමාජ ක්‍රියාකාරීන්ට තර්ජන, නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපනික වෙනස්කම් සහ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස බහාලුම් මුදා හැරීම යන කරුණු 07 පිලිබදව අවධානය යොමු කරන ලෙස එම ලිපිය මගින් ඉල්ලා තිබේ.

වසර 9 කට පසු, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයාගේ පැමිණීම අගය කරන බවද එම ලිපියේ දැක්වේ.

එමෙන්ම මහජන අරගලවල සිවිල් පුරවැසියන් යනු ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා සැමවිටම සම්බන්ධ වන සිවිල් දේශපාලන බලපෑම් කණ්ඩායමක් බවද එම ලිපිය මගින් පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here