බූස්ස බන්ධනාගාරයේදී ගෙල වැලලාගත් රැඳවියකු රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබෙන බව වාර්තා වෙනවා .
මිය ගිය රැඳවියා කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ .
මෙසේ ගෙල වැලලාගෙන මිය ගිය රැඳවියා බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ අපරාධකරුවන් රඳවා සිටින සිරමැදිරියක රඳවා තිබුණ බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා .
මෙම රැඳවියා අද (26) දහවල් ගෙල වැලලාගෙන සිටියදී බන්ධනාගාර නිලධාරීන් විසින් මුදාගෙන රෝහල්ගත කර කිරීමටයි කටයුතු කර ඇත්තේ .
එහෙත් එම රැඳවියා රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් තිබෙනවා .