චීනයේ කුංමිං සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර නව භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවයක් ආරම්භ කරමින් එහි මංගල ගුවන් යානය අද (26)  උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එස්.එෆ්.ගුවන් සේවය ( S.F.Air Line) මෙම මංගල ගුවන් ගමන සදහා බෝයිං – 747 – 200 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබුණි .

මෙම ගුවන් යානය චීනයේ කුංමිං නුවර සිට අද උදෑසන 10.50 ට මෙට්‍රික් ටොන් 22 ක භාණ්ඩ තොගයක් ද රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.

මෙතැන් සිට සතියේ සෑම සදුදා සහ බ්‍රහස්පතින්දා දින වල චීනයේ කුංමිං සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර මෙම ගුවන් ගමන් මෙහෙයුම් ක්‍රියාත්මක වීමට නියමිතය .

මෙසේ ශ්‍රී ලංකාව සහ චීනය අතර නව භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවයේ ආරම්භ වීම  මෙතෙක් කළක් පැවති විශාල අවශ්‍යතාවයක් සම්පූර්ණ වීමකි .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here