කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (26) දිනයේ දී මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය වාර්තා කිරීමට සමත් වී තිබෙනවා .
ඒ අනුව අද(26) දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 17,740.46 ක් ලෙසයි සටහන් වී ඇත්තේ .
පසුගිය ජූනි 12 දින වාර්තා වූ ඒකක 17,661.5 ක්වූ ඉහළ අගයේ වාර්තාව ඒ අනුව අද දිනයේ අභිබවා ගොස් තිබෙනවා .
අද දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 204.84කින් ඉහළට ගොස් තිබෙන බවයි සඳහන් වන්නේ .
ඒ අනුව අද දිනයේ සමස්ත පිරිවැටුම රු. බිලියන 6.85 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා වී තිබෙනවා .