ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි.

ඊයේ දෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට, සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 02 ක් පමණක් දැවී ලකුණු 290 ක් ලබා සිටියා.

පන්දුවට පහරදීමේදී දිනේෂ් චන්දිමාල් ලකුණු 93 ක්ද, ලහිරු උදාර ලකුණු 40 ක්ද ලබාගත් අතර නොදැවී පන්දුවට පහරදෙමින් සිටින පැතුම් නිස්සංක ලකුණු 146 ක් ලබා සිටිනවා.

බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 247 ක් ලබාගත් අතර, මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ කණ්ඩායමට වඩා ලකුණු 43 ක් ඉදිරියෙන් පසුවනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here