දික්වැල්ල සුදුවැල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ධිවර බෝට්ටුවක් රළ පහරකට හසු වී පෙරළී
අනතුරට ලක්වී තිබෙනවා.

ඊයේ (26) දික්වැල්ල සුදුවැල්ල ධීවර වරායෙන් ධීවර රැකියාව සඳහා පිටව ගිය ධිවරයින්
තිදෙනෙකු රැගත් මෙම ධිවර යාත්‍රාව නැවත ගොඩබිම දෙසට පැමිණෙමින් සිටියදී රළ
පහරකට හසු වී බෝට්ටුව පෙරළී ඇත.

එහිදී එහි සිටි එක් ධීවරයෙකු දියට වැටී අතුරදහන් වී ඇති අතර අනෙක් දෙදෙනා වෙනත් ධීවර
බෝට්ටුවකින් බේරගෙන් ගොඩබිමට රැගෙනවිත් මාතර රෝහලට ඇතුලත් කොට තිබෙනවා.

එහිදී එක් පුද්ගලයෙකු මිය ගිය බව පොලිසිය සඳහන් කළා.

මේ පිළිබඳව දික්වැල්ල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මිය ගිය ධීවරයාට වයස අවුරුදු 40 ක් වන අතර අතුරු දහන් වූ පුද්ගලයාට වයස අවුරුදු 45 ක්
වන බවත් ඔවුන් කොට්ටගොඩ, කටුගහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලිසිය සඳහන්
කළා.

අතුරුදහන් වූ පුද්ගලයා සොයා දික්වැල්ල පොලිසිය තවදුරටත් මෙහෙයුම් සිදු කරනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here