ශ්‍රී ලංකාවේ තේ සන්නාමය ලොව පුරා ප්‍රචලිත කිරීමේ සහ සංචාරක ආකර්ෂණ වැඩි වැඩියෙන් ලබාගැනීමේ අරමුණින් හපුතලේ ප්‍රදේශයේ සංචාරක කලාපයක් ඇති කිරීමට ඌව පළාත් සංචාරක අමාත්‍යංශය කටයුතු යොදා ඇත. හපුතලේ පන්කැටිය ග්‍රාම සේවා වසමේ කහගල්ල ප්‍රදේශයේ දැනට වගා නොකරන මුඩුබිම් වූ අක්කර හතරක පමණ ඉඩමක මෙම සංචාරක කලාපය ස්ථාපිත කෙරේ.

මෙම සංචාරක කලාපයේ තේ උරුම කෞතුකාගාරයක්, උද්භිත උද්‍යානයක් ඉදිකොට දෙස් විදෙස් සංචාරකයින්ට පහසුකම් සහිත ආකර්ෂණීය ප්‍රදේශයක් බවට පත්කිරීමට නියමිතය.
ඌවේ දැවැන්තම සංචාරක ප්‍රදේශය ලෙස සංවර්ධනය කරන මේ සඳහා රුපියල් මිලියන හත්සියයක් වැයකෙරේ. ඊට රාජ්‍ය හා පුද්ගල අංශයේ සහයෝගය ලබා ගැනේ.

අදාළ ප්‍රදේශයේ නිරීක්ෂණය කර එහි මූලික වැඩ පිළිබඳව සොයාබැලීම සඳහා සංචාරක නියෝජ්‍ය ඇමති රුවන් රණසිංහ, ආණ්ඩුකාර ලේකම් උපාලි ජයසේකර, ශ්‍රීලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ සම්පත් ප්‍රදීප් කුමාර නිශ්ශංක යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here