ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රි ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සියල්ලන් දැවී ලකුණු 458ක් රැස් කළා.
කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලබාගත්තේ ලකුණු 247ක් පමණි.
මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 211 ඉදිරියෙන් පසුවනවා.
ශ්‍රි ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රිඩාකළ පැතුම් නිස්සංක ලකුණු 158ක් රැස් කළා.
දිනේශ් චන්දිමාල් ලකුණු 93ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 84ක් රැස් කළා.
පන්දු යැවීමේදී බංගලාදේශ කණ්ඩායම වෙනුවෙන් තයිජුල් ඉස්ලාම් කඩුලු 4ක් සහ නයීම් හසන් කඩුලු 4ක් බිඳ හෙලුවා.