සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්තගේ බිරිඳ සහ ඇයගේ මල්ලිගේ වත්කම් බැරකම් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ට බරපතල සැකයක් මතුව ඇති බවට පවසමින් ඊට එරෙහිව විමර්ශනයක් ආරම්භ කරන ලෙස ඉල්ලා ජන අරගලයේ පුරවැසියෝ සංවිධානය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට අද (27) ලිපියක් භාර දී තිබේ.
ජන අරගලයේ පුරවැසියෝ සංවිධානයේ ප්‍රධාන ලේකම් චානක බණ්ඩාර ගුණතිලකගේ අත්සනින් යුතුව මෙම ලිපිය භාර දී තිබේ.
ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය කිරීම ඇතුළු තවත් චෝදනා රැසක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්තද මේ වන විට අත්අඩංගුවට පත්ව සිටි.
එම ලිපිය මගින් ප්‍රධාන ලේකම්වරයා පෙන්වා දෙන්නේ හිටපු සෞඛ්‍ය ලේකම්වරයාගේ බිරිඳ මුදල් පොලියට ලබාදීමේ ව්‍යාපාරයක් ද පවත්වාගෙන යන බවය.
එමෙන්ම හිටපු ලේකම්වරයාගේ බිරිඳගේ මල්ලි පානදුර නල්ලුරුව ජයන්ති මාවත ප්‍රදේශයේ ප්‍රසිද්ධ බිස්කට් සමාගමක නියෝජිතයකු සහ තවත් ආයතනයක හිමිකරුවෙකුද වන බව එම ලිපියේ සඳහන්.
එම ලිපියේ සඳහන් වන ආකාරයට හිටපු සෞඛ්‍ය ලේකම්වරයාගේ බිරිඳගේ මල්ලිගේ පුත්‍රයා එක්සත් රාජධානියේ පදිංචිව සිට මෙරටට පැමිණ ඇති අතර අයථා ලෙස හිටපු ලේකම්වරයා උපයාගත් මුදල් එක්සත් රාජධානියේ තැන්පත් කර ඇති බවට ප්‍රදේශවාසීන් දැඩිව විස්වාස කරන බවය.
තවද 2023 / 2024 කාලසීමාවේදී කොළඹ හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් නිවසක් මිලදී ගත් බවටද ප්‍රදේශවාසීන්ගේ දැඩි කතාබහට ලක්ව ඇති බවද එම ලිපිය මගින් පෙන්වා දෙයි.
එම නිසා මෙම කරුණු කාරණා සැලකිල්ලට ගෙන ඔවුන්ගේ වත්කම් සහ බැරකම් සම්බන්ධයෙන් 2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනත අනුව විමර්ශනයක් ආරම්භ කර වරදක් කර ඇත්තේ නම් ඔවුන්ව අත්අඩංගුවට ගන්නා ලෙස එම ලිපිය මගින් ඉල්ලා තිබේ.
Howdy would you mind sharing which blog platform you’re using?
I’m planning to start my own blog in the near future but I’m having a tough time deciding between BlogEngine/Wordpress/B2evolution and Drupal.
The reason I ask is because your layout seems different then most
blogs and I’m looking for something unique.
P.S Apologies for being off-topic but I had to ask!
This design is incredible! You certainly know how to keep
a reader amused. Between your wit and your videos, I was almost moved to start my own blog (well, almost…HaHa!) Fantastic job.
I really loved what you had to say, and more than that,
how you presented it. Too cool!