කොළඹ වරාය නගරයේ කෘතිම වෙරළ තීරය අයත් මුහුදේ පිහිනමින් සිටියදී දියේ ගිලී අතුරුදන් වූ සරසවි සිසුවාගේ මළ සිරුර හමු වී තිබෙනවා.
ඒ කොළඹ වරාය පොලීසිය නාවික කොට්ඨාසයේ කිමිඳුම්කරුවන්, රංගල නාවික හමුදා කිමිඳුම්කරුවන් ඒකාබද්ධව අද (27) දින සිදුකළ මෙහෙයුමක් අතරතුරදීයි.
මෙලෙස දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ 21/22 කණ්ඩායමේ අධ්‍යයන කටයුතු ඛළ ජනිදු චමෝද් නම් සිසුවෙක්.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු කොළඹ වරාය පොලීසිය විසින් සිදුකරනවා.