ශ්‍රී ලාංකීය තිරසර විද්‍යුත් ප්‍රවාහන ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වන Evolution Auto (පුද්) සමාගම, RV 1 සහ RV 1+ ඉලෙක්ට්රික් යතුරුපැදි හඳුන්වා දෙමින්, කොළඹ BMICH හිදී පැවත්වෙන EV මෝටර් රථ හා උපාංග ප්‍රදර්ශණයේදී, යතුරුපැදි අලෙවියේ සලකුණක් තැබීමට සැලසුම් කරයි.
Evolution Auto (Pvt) Ltd හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී විරාන් ද සොයිසා මහතා පවසා සිටියේ ” Evolution සමූහයේ සාමාජිකයෙක් ලෙස මෙරට සියලුම වර්ගයේ ඉලෙක්ට්රික් වාහන භාවිතා කිරීමේ පුළුල් ජාලයක් නිර්මාණය කිරීමට Evolution Auto (පුද්) සමාගම කැප වී සිටිනවා. මෙම කැපවීම තිරසාර මෙන්ම සැමට ඉලෙක්ට්රික් වාහනයක් මිලදී ගතහැකි අනාගතයක් නිර්මාණය කිරීමේ Evolution Auto හි නොසැලෙන දැක්ම පිළිබිඹු කරනවා “යැයි ඔහු තවදුරටත් සඳහන් කළේය.
නව පරපුරේ ජීවන විලාසිතාවන්ට ගැලපෙන ආකාරයෙන් කාර්යක්ෂමතාව හා සුවපහසුව ප්‍රිය කරන පාරිභෝගිකයන්ගේ අවශ්යතා සපුරාලමින්, අති නවීනතම තාක්ෂණය එක්කර උසස්ම තත්ත්වයෙන් නිර්මාණය කර ඇති RV 1 සහ RV 1+, දැරිය හැකි මිල සහ ඉන්ධන පිරිවැය සඳහා තිරසර ප්රවාහන විසඳුමක් මනාව සපයයි.
Evolution Auto (පුද්) සමාගමේහි ප්රධාන මෙහෙයුම් නිලධාරී සහ්රාන් සියාවුඩීන් මහතා සන්නාමයේ ඇති විශේෂත්වය ඉස්මතු කරමින්, පවසා සිටියේ “Revolt නවෝත්පාදනයේ සහ තිරසාරභාවයේ සම්මිශ්රණයක් නියෝජනය කරනවා. මෙම විශේෂ සන්නාමය ශ්රී ලංකාවට හඳුන්වා දීමට අපි උද්යෝගයෙන් බලා සිටිනවා“ලෙසයි.
RV1 සහ RV1+ දෛනික ගමන් සරල කිරීමට සහ සුවිශේෂ මූල්‍ය ඉතිරිකිරීමකට නිර්මාණය කර ඇති විශේෂාංග වලින් සමන්විත වේ. අඩු ඉන්ධන පිරිවැය, ධාවකයින්ට ගමනාගමන වියදම් අඩු වීම, ඉන්ධන භාවිතය වෙනස්වීම හේතුවෙන් නඩත්තු පිරිවැය අඩුවීම මෙහි ප්රධාන අංග වේ.
එක් ආරෝපණයකින් කිලෝමීටර 160 ක් දක්වා ධාවනය කළ හැකි මෙම යතුරුපැදි නාගරික ගමනාගමනයට මෙන්ම දීර්ඝ ගමනාන්ත සඳහාද එකලෙස ගැලපෙයි. වේගවත් ආරෝපණය සහ මාරු කළ හැකි බැටරි, හේතුවෙන් ගමනේ යෙදී සිටින ධාවකයාගේ විශ්වාසය මෙන්ම පහසුව තවදුරටත් වැඩිකරයි.
සුවපහසුව සහ කල්පැවැත්ම සඳහා නිර්මාණය කර ඇති මෙම විද්‍යුත් යතුරුපැදි ශ්‍රී ලංකාවේ විවිධ මාර්ග තත්වයන්ට හොඳින් ගැලපෙන අතර, සිසුන්, වෘත්තිකයන්, බෙදාහැරීමේ සේවකයින් සඳහා, විශ්වාසදායක, ලාභදායී තේරීමකි.
RV 1 සහ RV 1+ ශ්රී ලංකාවේ තිරසාර ප්‍රවාහන කේෂ්ත්‍රයේ ඇති කිරීමේ වැදගත් පියවරක් වන අතර අවම කාබන් දහනය, වාතය අපිරිසිදු නොකිරීම සහ සෞඛ්‍ය සම්පන්න නගර නිර්මාණය සඳහා දායකවීම මෙන්ම දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීම සඳහා ගෝලීය ප්රවණතා සමඟ මෙය සමපාත වේ. මෙම එළිදැක්වීම පරිසර හිතකාමී ප්රවාහනය පද්ධතියක් සඳහා ශ්රී ලංකාවේ ප්රවේශය සඳහා, Evolution Auto හි කැපවීම නැවත තහවුරු කරයි.
සහනදායී ගෙවීම් සැලසුම්, දැරිය හැකි ලීසිං පහසුකම් සහ ආකර්ෂණීය මිල ගණන් යටතේ, මෙම ඉලෙක්ට්‍රික් යතුරුපැදි වෙත පුළුල් පරාසයක ධාවකයින් සඳහා ළඟා විය හැකි බව Evolution Auto (පුද්) සමාගම අපේක්ෂා කරයි.
රට පුරා ඇති Evolution Auto ප්‍රදර්ශණවලදී RV 1 සහ RV 1+ පරීක්ෂණ ගමන් සඳහා පහසුකම් ලබා ගත හැකිය.
Evolution Auto ශ්රී ලංකාවේ විද්‍යුත් ප්‍රවාහන පද්ධතියේ අනාගතය පරිවර්තනය කරන සුවිශේෂී පෙරගමන් කරුවෙකු වීමට මෙසේ අපේක්ෂා කරයි.
Evolution Auto (පුද්ගලික) සමාගම ගැන.
Evolution Auto යනු ශ්‍රී ලංකාවට ප්‍රවේශ විය හැකි, පරිසර හිතකාමී සහ නව්‍ය විදුලි වාහන ගෙන ඒමට කැපවී සිටින නවෝත්පාදන සන්නාමයකි. දැරිය හැකි මිල සහ තරඟකාරී වෙළෙඳපොළට අනුගත වෙමින් මහජනතාගේ දෛනික ප්රවාහනය පරිවර්තනය කිරීමට සමාගම අරමුණු කරයි.