ඇල්ල වැල්ලවාය මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් රන්දෙණිය ප්‍රදේශයේ දී ඇල්ල සිට වැල්ලවාය දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලීමෙන් අද උදෑසන අනතුරක් සිදු වී තිබේ.
මෙම අනතුරින් ලොරි රථයේ රියදුරු ලොරි රථයෙන් එළියට විසි වී ලොරි රථයටම යට වී ඇති අතර එම පුද්ගලයා ලොරි රථයටම යට වී ජීවිතක්ෂයට පත් වී ඇත.
මෙසේ මියගොස් ඇත්තේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු තිස් හතරක පුද්ගලයෙක් වන අතර ලොරි රථයට යට වී එම පුද්ගලයාගේ සිරුර ගොඩට ගැනීමට ද දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු විය.
අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.