මැදවච්චිය සංගිලිකනදරාව ප්‍රදේශයේදී දරුවෙකු විදුලිසැර වැදි ජිවිතක්ෂයට පත්වී
තිබෙනවා.

ඊයේ (27) සවස මැදවච්චිය සංගිලිකනදරාව ප්‍රදේශයේදී නිවසක සිටි දරුවෙකුට
විදුලිසැර වැදී බරපතල තත්ත්වයෙන් මැදවච්චිය රෝහලට ඇතුලත් කොට තිබෙනවා.

එහිදී දරුවා මිය ගොස් ඇති බව සඳහන්.

මේ පිළිබඳව මැදවච්චිය පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ
කර ඇත.

මෙහිදී අනාවරණය වී ඇත්තේ දරුවා විදුලි හීටරයක් උපයෝගී කරගෙන වතුර
රත්කිරීමට යාමේදී විදුලිසැර වැදී අති බවයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ අවුරුදු 08 ක් වයසැති දරුවෙකි.

මැදවච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here