නීති විරෝධී ලෙස උපයාගන්නා ලද දේපල ක්‍රියාවිරහිත කොට සැකකරුවෙකු හා
සැකකාරියක් අත්අඩංගුවට ගත් බව නීති විරෝධි වත්කම් විපර්ශන කොට්ඨාසය
පවසනවා.
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් මිලදී ගත් බවට සැක කරන දේපල මුදල්
විශුද්ධිකරණය කිරීමේ පනත අනුව 2025.ජුනි 26 වන දින හා 2025 ජුනි 27 වන දින
මෙලෙස ක්‍රියා විරහිත කිරීම සිදු කර ඇත.
මෙම විමර්ශනයට අදාලව සැකකරුවෙකු හා සැකකාරියක්දඅත් අඩංගුවට ගෙන
තිබෙනවා.
සැකකරු 43 වන වියේ පසුවන අතර හා සැකකාරිය 45 හැවිරිදි බොරැල්ල ප්‍රදේශයේ
පදිංචිකරුවන් බව සඳහන්.
මෙම සැකකරු හා සැහකාරිය නිති විරෝධී ලෙස මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත්
බවට සැස කරන දේපල ක්‍රියාවිරහිත කිරීමට කටයුතු කර ඇති අතර කඳන ප්‍රදේශයේ
860 සිව් මහල් නිවසක්,බොරැල්ල, කොළඹ 08 ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවාස දෙකක්,
බොරැල්ල, කොළයි 08 පිහිටි සිව් මහල් නිවසක්,ජපන් ඇල්ටෝ වර්ගයේ කාර් රථයක්
හා වැගන් ආර් වර්යේ කාර් රථයක් තිබෙන බව පොලිසිය පවසනවා.
මෙම සැකකරු හා සැකකාරිය මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්
අනතුරුව ජුලි 11 වන දින දක්වා රක්ෂිතබන්ධනාගාර ගත කරනු ලැබුවා.
නිකි විරෝධී චක්කම් විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.