දෙවුන්දරින් මුහුදුගොස් අනතුරට ලක්වූ ධීවර යාත්‍රාවේ අතුරුදන්ව සිටි ධීවරයින් දෙදෙනාගෙන් එක් ධීවරයෙකු යාත්‍රාවේ සිරවී සිටියදී බේරාගෙන තිබෙනවා.
ඒ අනුව එම ධීවරයා නාවික හමුදාව විසින් බේරාගෙන මේ වනවිට ගාල්ල වරායට රැගෙන එමින් සිටින බව නාවික හමුදාව සඳහන් කරනවා.
එමෙන්ම එම ධීවරයා යහපත් ශරීර තත්ත්වයෙන් සිටින බවද සඳහන්.
මේ අතර අතුරුදන්ව සිටින අනෙක් ධීවරයා සොයා තව දුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව නාවික හමුදාව පවසනවා.