‘දූෂණය’ නම් වරද මත ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති ඇන්තනී නිශාන්ත වික්‍රමසිංහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඊයේ (ජූනි 27) අත්අඩංගුවට ගනු ලැබීය.

චෝදනා ත්‍රිත්වයක් මත කරනු ලබන විමර්ශන කටයුතුවලට අදාළව හිටපු සභාපතිවරයා ඊයේ නාවලදී අත්අඩංගුවට ගත් බව එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

හිටපු සභාපතිවරයාට ඇති දූෂණ චෝදනා මොනවා ද?

  • 2014.01.22 වන දින මැලේසියාවේ ක්වාලාලම්පුර් සිට කටුනායක දක්වා පියාසර කිරීමට නියමිත තිබූ අංක UL 319 දරන ගුවන් යානයේ ගමනාන්තය වෙනස් කිරීම මගින් රජයට ඇ.ඩො. 4,512ක් පාඩු කිරීම,
  • 2014.01.26 වන දින මාලදිවයිනේ සිට ලංකාවට පැමිණ ප්‍රංශය බලා පිටව යාමට සිටි මගීන් 75 දෙනෙකු අංක UL 563 දරන ගුවන් යානයෙන් පිටත් කර හැරීම මගින් ඇ.ඩො. 19,160ක් රජයට පාඩු කිරීම,
  • 2014.12.19 වන දින කටුනායක 18 කණුව ක්‍රීඩාංගණයේ පැවති හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් රජයේ මුදල් රුපියල් 1,250,000ක් වියදම් කිරීම.

යන චෝදනා නිශාන්ත වික්‍රමසිංහට එරෙහිව පවතින බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් නිශාන්ත වික්‍රමසිංහ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

කූඨ ලේඛන සකසා සුඛෝපභෝගී මෝටර් රථයක් මිලට ගැනීම

මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරය හොබවන සමයේ නිශාන්ත වික්‍රමසිංහ ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර ඔහු හිටපු ජනාධිපති ශිරන්ති රාජපක්ෂගේ සොයුරෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here