ශ්‍රී ලංකාව පුරා සිටින ඇස්තමේන්තුගත සිසුන් ලක්ෂ 5ක් සහ ගුරුවරුන් 150,00ක් සඳහා ක්‍රියාත්මක වන සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය හරහා ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 50ක අමතර මූල්‍ය පැකේජයක් අනුමත කර තිබෙනවා.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසි මගට ගෙන යාමට, ඉගැන්වීම් ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම, පාසල්වල පහසුකම් වැඩිදියුණු කිරීමට සහ සිසුන්ගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීමට උපකාරී වන අතර වතුකරයේ ප්‍රජාවන් සහ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට සහාය වන පාසල් ඇතුළුව ඌන සේවා නියුක්ත පාසල් කෙරෙහි දැඩි අවධානයක් ලබා දීම මෙම අරමුදල් සැපයීම මඟින් අරමුණු කරගෙන තිබෙනවා.
මාලදිවයින, නේපාලය, සහ ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකු අංශ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් මහතා සඳහන් කර ඇත්තේ මෙම සහයෝගය තුළින් ශ්‍රී ලංකාවේ සෑම දරුවෙකුටම ආරක්ෂිත පරිසරයක ඉගෙනුම ලැබීමට අවස්ථාවක් ලබා දීම සහ සෑම ගුරුවරයෙකුටම තම සිසුන්ගේ දියුණුවට උපකාර කිරීමට අවශ්‍ය මෙවලම් ඇති බව සහතික කිරීම මෙම මූල්‍ය පැකේජය තුළින් බලාපොරොත්තු වන බවයි.
මෙම අතිරේක අරමුදල් මගින් සේවා ගුරු අධ්‍යාපනය නවීකරණය කිරීම සහ ඩිජිටල් ඉගෙනුම කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් අඛණ්ඩ ගුරු සංවර්ධනය මගින් ගුරු කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට සහාය වනු ඇති බව ලෝක බැංකුව සඳහන් කර තිබෙනවා.
පිරිසිදු ජලය සහ සනීපාරක්ෂාව සඳහා ප්‍රවේශය වැඩි දියුණු කිරීම, ඔපස් සනීපාරක්ෂාව සහ ප්‍රජනක සෞඛ්‍ය ප්‍රවර්ධනය කරන සහ පාසල්වල මානසික සෞඛ්‍ය සහාය වැඩි කිරීම සහ පාසල් සෞඛ්‍ය සහ පෝෂණ වැඩසටහනකට සහාය වීමෙන් සෞඛ්‍ය සහ යහපැවැත්මද ශක්තිමත් වෙනු ඇති බවද ලෝක බැංකුව පෙන්වා දෙනවා.