මහනුවර හන්තානය ප්‍රදේශයේ ඊයේ හවස් කාලයේදී සිසුන් පිරිසක් අතුරුදන් වී තිබෙනවා.
තලාත්ඔය පොලිස් වසමට අයිති රටේ මුල්ලේ ප්‍රදේශයේ පදිංචි සිසුන් පිරිසක් ඊයේ උදෑසන හන්තාන ප්‍රදේශයට ගොස් තිබෙනවා.
හන්තාන කදු මුදුනට ගියපු සිසුන් ඊයේ හවස කන්ද තරණය කර නැවත එමින් සිටියදී දැඩි මීදුම සහ වර්ෂාව නිසා මාර්ගය සොයා ගත නොහැකිව සිසුන් 8 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා.
කණ්ඩායමේ සිටි අනෙකුත් පිරිස විසින් අතරමං වූ සිසුන්ගේ මව්පියන්ට ඒ පිළිබඳව දැනුම්දී ඇති අතර, පසුව එම මව්පියන් සිද්ධිය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ දැනුම්වත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.
එහිදී මන්ත්‍රීවරයා සිද්ධිය පිළිබඳව අදාළ ආරක්ෂක අංශ දැනුවත් කිරීමට කටයුතු කර තිබෙනවා.
පසුව තලාතුඔය පොලිසියේ නිලධාරීන් සහ හමුදා සාමාජිකයින් එක්ව අතරමං වූ සිසුන් සොයා ඊයේ (28) රාත්‍රියේම හන්‍තාන කන්දේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
එම මෙහෙයුම්වල දී අද (29) අලුයම දෙකට පමණ මෙම සිසුන් පිරිස සිටින ස්ථානය සොයාගැනීමට සමත්ව ඇති අතර, ඔවුන්ව අලුයම 4.00ට පමණ කන්දෙන් පහළට රැගෙන ඒමට මෙහෙයුමට එක් වූ ආරක්ෂක අංශවලට හැකියාව ලැබුණු බවයි වාර්තා වුණේ.
එලෙස මුදාගත් සිසුන් අටදෙනා පේරාදෙණිය රෝහල වෙත ඇතුළත් කිරීමටයි පසුව කටයුතු කර ඇත්තේ.



