කළුතර බේරුවල මොරගල්ල ප්‍රදේශයේදී ධීවර යාත්‍රාවක් පෙරළී අතුරුදන්වූ ධීවරයින් දෙදෙනාගේ මළ සිරුරු සොයාගෙන තිබේ.

ධීවර යාත්‍රාවේ සිටි දෙදෙනාගෙන් එක් අයෙකුගේ දේහය වෙරළට ගොඩ ගසා තිබියදී සොයාගත් අතර ඊට නුදුරින් පාවෙමින් තිබියදී ඔහුගේ අනෙක් පුද්ගලයාගේ දේහයද සොයාගනු ලැබීය.

ඊයේ (28) උදෑසන ඔවුන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබියදී මෙම අනතුරට මුහුණ දී තිබුණි.

මෙලෙස මියගොස් ඇත්තේ අළුත්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි නදුන් කුමාර සහ ඔහුගේ සහෝදරයා වන දුමින්ද නදුන් කුමාර යන අයය.

පළමුව ඔවුන් අතුරුදන්ව සිටි අතර ඔවුන් සොයා අවට පිරිස් විසින් බෝට්ටු යොදා ගනිමින් විමර්ශන ආරම්භ කර තිබූණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here