අනුරාධපුර – වන්නිතම්මැන්නාව, ගල්වල ප්‍රදේශයේදී ජීව අත්බෝම්බයක් සොයාගනී.
අද පෙරරුවේදී වන්නිතම්මැන්නාව අවමංගල්‍යයධාර සමිතිය මගින් එම සමිති ගොඩනැඟිල්ලට යාබදව ඇති ගල්වල ආශ්‍රිතව පැවති ශ්‍රමදානයක් අතරතුරදී මෙම ජීව අත් බෝම්බය හමුව තිබේ.
එම ගම්වාසීන් කියා සිටින්නේ මීට මාස තුනකට පමණ පෙරද මෙම ගල්වල ප්‍රදේශයේ බැකෝ යන්ත්‍ර ආධාරයෙන් ශ්‍රමදානයක් පැවති අතර එහිදී ගොඩ දමන ලද පස් සමග මෙම ජීව අතබෝම්බය ද මතුපිටට පැමිණ ඇති බවට සැක කරන බවයි.
මෙම ශ්‍රමදානයට එක් වූ එම සමිතියේ සාමාජිකයකු වන S.H.මහින්දදාස මහතා කියා සිටියේ එම අත්බෝම්බය ආසන්නයේ තිබූ ගලක් මත අසුන්ගෙන පැයකට පමණ ආසන්න කාලයක් ගතකරමින් සිටියදී වෙනත් සාමාජීකයෙකු විසින් එම ස්ථානයේ බෝම්බයක් පවතින බවට හඳුනාගෙන තමන් එම ස්ථානයෙන් ඉවත් කළ බවය.
තමන් එම ස්ථානයට පැමිණෙන විට එහි තිබූ පස් කණ්ඩියක් සිය පාදයෙන් ඉවත් කරමින් ගල මත වාඩිවුණුු බවත් එහිදී මෙම අත්බෝම්බය මතුවන්නට ඇතිි බවත් සිය ජීවිතය නූලෙන් බේරුණු බවද ඒ මහතා පවසයි.
අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයා ඇතුළු නිලධාරින් එම ස්ථානයට පැමිණ එහි ආරක්ෂිත වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කොට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් යොදවා එම ජීව අතබෝම්බය නිෂ්ක්‍රීය කිරීමට කටයුතු කර තිබේ.
(ඉන්දීක රංගජිව – අනුරාධපුරය)