වත්මන් ආණ්ඩුව බලයට පත් වී පළමු වසර තුළ දුන් පොරොන්දු ඉටු කිරීමට අපොහොසත්වී දැන් තම අසාර්ථකත්වයන් වසා ගැනීමට මංමුලා වූවන් ලෙස අසත්‍ය ප්‍රචාරය කරමින් එය වසා ගැනීමේ උත්සාහයක නියැලී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු පවසන්නේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තම පවුලේ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා මහානායක හිමිවරුන්ගේ සහාය පතන බවට අසත්‍ය ප්‍රකාශ පතුරුවා හැරීමට තරම් ජාතික ජන බලවේග ආණ්ඩුව පහතට වැටී බවයි.
මෙය ගරුතර මහා සංඝ රත්නයට සිදු කෙරෙන බරපතල අගෞරවයක් බවද නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
එමෙන්ම මෙය හිටපු ජනාධිපතිවරයාට එල්ල කරන ලද මඩ ප්‍රචාරයක් පමණක් නොව, ගෞවරණීය ආගමික නායකයින් දේශපාලන මඩ ගැසීම්වලට ඇද දැමීමට දරන නින්දිත උත්සාහයක් බව ඔහු පෙන්වාදෙනවා.
මීට පෙර අවස්ථාවකදීද ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් ගරු විනිශ්චයකාරවරුන් සහ අධිකරණය ඉලක්ක කරගනිමින්ද මෙවැනිම මඩ ප්‍රචාරයක් ආණ්ඩුවේ අනු දැනුමින් ක්‍රියාත්මක වූ බවට පවසමින් නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ, එවැනි ක්‍රියා දැඩි ලෙස හෙළා දැකිය යුතු බවයි.
ඔවුන් ඉලක්ක කරගනිමින් සිදු කරන මෙම ප්‍රචාරයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය වන බවත් පවුලේ සාමාජිකයන් මේ සඳහා ව්‍යාජ ලෙස පටලවා ගැනීමට ආණ්ඩුව විසින් පොලිසිය සහ අධිකරණය පවා දේශපාලනීකරණය කිරීමට උත්සාහ කරන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.
තම පවුලේ සාමාජිකයින් සහ තමන් නිරන්තරයෙන් දේශපාලනික වශයෙන් පරීක්ෂණවලට බියෙන් තොරව මුහුණ දී ඇති බවට පැවසූ නාමල් රාජපක්ෂ මහතා ඒ සඳහා විශේෂ සැලකිල්ලක් හෝ අනුග්‍රහයක් අපේක්ෂා නොකරන බවත් රටේ අධිකරණ පද්ධතිය කෙරෙහි ඔවුන්ගේ පූර්ණ විශ්වාසය තබා සිටින බවත් පෙන්වාදෙනවා.

I every time spent my half an hour to read this weblog’s articles
or reviews everyday along with a cup of coffee.