යුද හමුදා ආබාධිත සෙබලා පැදවූ කැබ් රථයේ දොර විවෘත කිරීමත් සමගම ධාවනය වෙමින් තිබූ යතුරුපැදයක හැඩලයේ ගැටි එය මාර්ගයේ පෙරළී යාමෙන් එහි ගමන් ගත් විශ්‍රාමික ගුරු මහතාව මියගොස් ඇයගේ සැමියා තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි බණ්ඩාරගම පොලිසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ පොකුණු විට හංස උයන පදිංචිව සිටි පි ඒ සුමනාවතී (62) හැවිරිදි තිදරු මවකි.

අනතුරින් තුවාල ලද ඇයගේ සැමියා තුවාල ලබා හොරණ දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇත.

මියගිය විශ්‍රාමික ගුරු මහතාව සහ තුවාල ලද ඇගේ සැමියා අවශ්‍යතාවයක් සඳහා නිවසේ සිට schooter වර්ගයේ යතුරුපැදියෙන් පොකුණු විට සිට බණ්ඩාරගම දෙසට පැමිණීමේදී විශ්‍රාමික යුද හමුදා සෙබලා කැබ් රථය රයිගම ප්‍රදේශයේ තහනම් ප්‍රදේශයක නවතා එහි දකුණු පස ඉදිරිපස දොර එකවරම විවෘත කිරීම හේතුවෙන් යතුරුපැදියේ හැඩලය එහි ගැටී තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඒ සමගම යතුරුපැදියේ පෙරළී යාමෙන් පැදිකරු වම් පසටත් පසු පැදිකාරිය මාර්ගයේ දකුණු පසටත් වැටීමෙන් අනතුරුව හොරණ දෙස සිට පැමිණි තීරෝද රථයට ඇය යටවීම මෙම අනතුරු වී ඇතැයි පොලිසිය කියයි.

බරපතල තුවාල ලද විශ්‍රාමික ගුරු මාතාව සහ සුළු තුවාල ලද ඇයගේ සැමියා හොරණ දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ගුරු මහතාව මියගොස් තිබිණි.

පශ්වාත් මරණ පරීක්ෂණය හොරණ දිස්ත්‍රික් මහ රෝහලේදී දී සිදු කිරීමට නියමිතය.

සැකකාර විශ්‍රාමික යුද්ධ හමුදා ආබාධිත සෙබළා සහ ත්‍රී රෝද රථ රියදුරු පොලිසිය මගින් අත්අඩංගුවටගෙන ඇත.

සැකකරුවන් දෙදෙනා අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

බණ්ඩාරගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.

(කලුතර – බිමල් ශ්‍යාමන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here