පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතාව ස්ථාන මාරු කිරීම් සිදු කර තිබෙනවා.

ඒ පොළොන්නරුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස පත්කරමින්.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා මීට පෙර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබුණා.

නමුත් පොලිස්පතිවරයාගේ ඉල්ලීම මත ඔහු මෑතක් වනතෙක් එම ධුරයේ කටයුතු කරනු ලැබුවා.

මේ අතර පොළොන්නරුව කොට්ඨාස භාර නිලධාරී ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී L.H.N. ද සිල්වා මහතා පානදුර කොට්ඨාස භාර නිලධාරී ලෙස මාරුකර යවා තිබෙනවා.

ඒ අනුව නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ.කේ. වුට්ලර් මහතා පත්කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here