ඊයේ (30) හබරණ ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ හතරැස් කොටුව පොලිසිය මගින් පවත්වාගෙන යන හතරැස් කොටුව මාර්ග බාධකයේදී ත්‍රිකුණාමලය දෙස සිට හබරණ දෙසට ගමන් කළ ඇල්මිනියන් බොඩිය සහිත ඉසුසු වර්ගයේ ලොරි රථයක් නවත්වා පරීක්ෂා කිරීමේදී එහි රියදුරු අසුන ළඟ තිබෙන ඩෑෂ් බෝඩ් එක යට තිබී නීති විරෝධී ලෙස රැගෙන යමින් තිබූ වෙඩි බෙහෙත් ද්‍රව්‍යයක් සොයා ගෙන තිබෙනවා.

පසුව පරීක්ෂා කර බැලීමේදී මේය සී4 වර්ගයේ අධිබලැති පුපුරන ද්‍රව්‍ය බව පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

එහි තිබු සීපෝ පුපුරන ද්‍රව්‍ය ග්‍රෑම් 156.07 ප්‍රමාණයක් සොයාගෙන තිබෙන අතර පසුව සැක කටයුතු පුද්ගලයා හතරැස් කොටුව පොලිස් මුරපොළේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා හබරණ පොලිස්ථානය වෙත භාර දී ඇත.

පසුව කළ ප්‍රශ්න කිරීමේදී මේම ලොරිරථය ගාල්ල ලබුදුව ප්‍රදේශයේ සිට කන්තලේ ප්‍රදේශය දක්වා ගමන් කර ඇති අතර එහි රියදුරු වශයෙන් කටයුතු කළ 59 හැවිරිදි සැක කටයුතු පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

සීපෝ වර්ගයේ අධිබලැති පුපුන ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සපුරා තහනම් අතර එය ත්‍රස්තවාදී සංවිධාන විසින් භාවිතා කරන පුපුන ද්‍රව්‍යක් ලෙස පොලිසිය සදහන් කරයි.

මෙම පුපුරන ද්‍රව්‍ය කන්තලේ ප්‍රදේශයේ සිට දකුණු ප්‍රදේශය වෙත රැගෙන යන්නේ කුමන ආකාරයේ දේකට ද යන්න පිළිබඳව හබරණ පොලිසිය පොලිසිය පරීක්ෂණ පවත්වන අතර
සැකකරු සහ එම ලොරි රථය අද දින බකමූණ සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

(රසංග නිරෝෂන් පොළොන්නරුව)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here