බම්බලපිටිය ප්‍රදේශයේ පැවති බෝරා සමුළුව වීඩියෝ ගත කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරයේ පැය 72ක් රඳවා තබාගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකු මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කර තිබෙනවා.

සැකකාර පුද්ගලයා රඳවා තබාගෙන ප්‍රශ්න කළ නමුත් ඔහු එසේ වීඩියෝ ගත කිරීමක් සිදුකර ඇත්තේ කිසියම් අපරාධ කටයුත්තකට නොවන බවට සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී කරුණු අනාවරණය වන බවට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය අද (30) කළ කරුණු දැක්වීම් සලකා බැලීමෙන් අනතුරුව, අධිකරණයෙන් එම නියෝගය ලබාදෙනු ලැබුවා.

ඒ අනුව රුක්මාල් මොහොමඩ් සහරාන් නැමති සැකකරුවෙකු එසේ මුදා හැරීමට නියම කෙරුණි.

සැකකාර පුද්ගලයා බම්බලපිටිය දුම්රියපොළ හා බෝරා පල්ලිය ආවරණය වන පරිදි වීඩියෝ ගත කිරීමක් සිදු කර ඇති බවත් ඔහු යම් අපරාධයක් සිදුකිරීමට පූර්ව උපාය යෙදීමට සැලසුම් කළ ඇති බවට සැකපිට බම්බලපිටිය පොලිසිය පසුගිය 27දා ඔහුව අත්අඩංගුවට ගෙන තිබිණ.

පසුව බම්බලපිටිය පොලිසිය මගින් සැකකාර පුද්ගලයා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට භාර දීමෙන් අනතුරුව ඔහු පැය 72 කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here