2028 දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහනෙන් ඉවත් වීමට සුදානම් බව කර්මාන්ත
අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසනවා.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂතුමිය පැමිණි වෙලාවේදී මේ පිළිබඳව ජනාධිපතිතුමා
එතුමිය ඉස්සරහම පැවසූ බව සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මේ බව කියා සිටියේ අද(30) පාර්ලිමේන්තුවේදී
විවාදයට එක්වෙමිනි……
“අපි පාර දැනගෙන යන ආණ්ඩුවක් අපි … අපිට බැරිකම අපි කියලා .. අපේ හැකියාව හා
නොහැකියාව හඳුනාගෙන තිබෙනවා …. අපේ ශක්තිමත් තැන් හඳුනාගෙන තිබෙනවා
ඒක තමයි අපි මේ ලේඛනයයක් ලෙස ඉදිරිපත් කරන්නේ…. මොකද රාජ්‍ය මුල්‍ය …..
කළමණාකාරන පනතේ 11-2 හා 11-3 වගන්තිය යටතේ ..අපි ඉදිරිපත් කරන්නේ …..මේක
නිව්යෝර්ක් …වොෂින්ටන් හදලා දෙන එකක් නොවෙයි … අපි ඔවුන්ටත් …අපේ බැරිකම
හැකියාව ….කියලා තියෙනවා … අයි.එම්.එෆ්. (IMF) සීමාවන් ගැන අපි කියලා තියෙනවා.
අයි.එම්.එෆ්. (IMF) අධ්‍යක්‍ෂතුමිය ආපු වෙලාවේ ජනාධිපතිතුමා එතුමිය ඉස්සරහ තියාගෙන
කියුවා ….2028 අපි මේකෙන් අයින්වෙන්න ලෑස්තියි කියලා … මෙතන රැඳිලා ඉන්න ලෑස්ති නැ
අපිට ඇත දිගහැරලා වැඩ කරන්න බැරිකම අපි කියලා …තියෙනවා .. ඒක අද නිලවශයෙන්
කියනවා පාර්ලිමේන්තුවේදී…”
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ මාස 48 ක වැඩසටහනක්
ක්‍රියාත්මක වන අතර ඒ යටතේ ඇමරිකානු ඩොලර් බිලියන 3 ක් සාර්ව ආර්ථික
ස්ථාවරත්වය ඇතිකිරීම සඳහා වාරික වශයෙන් ලබාදෙන අතර එය 2023 මාර්තු 20 වනදා
අනුමත විය.
ඒ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම වැඩ සටහන 2027 මාර්තු
20 වනදා වන විට මාස 48 සම්පුර්න කරනු ඇත.