වව්නියාව බණ්ඩාරිකුලම් ප්‍රදේශයේ පිහිටි නිවසක තබා තිබූ ඉන්ධන තොගයක් ඊයේ (30) දින ගිනි ගැනීමෙන් නිවසටද ගිනිගැනීම හේතුවෙන් නිවසේ දේපල සියල්ලක්ම විනාශ වී ඇතැයි වව්නියාව පොලීසිය පැවසීය.
මැදපෙරදිග ඇති වූ සටන් හේතුවෙන් ඉන්ධන හිගයක් ඇතිවේ යැයි යන අවධානම හේතුවෙන් අදාල නිවසේ හිමිකරු විසින් ඉන්ධන තොගයක් නිවසේ ගබඩා කොට තබා ඇති අවස්ථාවක මෙම ගිනි ගැනීම සිදුව ඇති අතර එම ගින්න ඉන්ධන තොගයන්ටද ඇවිලීමෙන් නිවසේ බඩු බාහිරාදිය සියල්ලක්ම විනාශ වී ඇත.
පරික්ෂණ සිදුකරන වව්නියාව පොලීසිය සැකපල කර සිටියේ නිවෙස් හිමියා විසින් දෙවියන්ට පත්තු කරන ලද පහන පොල්තෙල් වෙනුවට වැරදීමකින් නිවසේ එක්රැස් කොට තිබූ පෙට්‍රල් බෝතලයකින් දැල්වීමට ගිය අවස්ථාවේදී ප්‍රෙට්‍රල් බෝතලයට ගිනි ගැනීම නිසා එය දමා හිමිකරු නිවසෙන් දිව ගිය අවස්ථාවේදී ගින්න සෙසු ඉන්ධන තොග වෙතටද ව්‍යාපත්ත වී ගින්න වැඩි වූ බවටය.
කෙසේ වෙතත් නිවසේ ගින්න ප්‍රදේශවාසීණ්ට මැඩපැවත්වීමට නොහැකිව වව්නියාව මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකයටද දැනුම් දී ඔවුන්ගේ සහය ඇතිව ගින්න නිවා දැමුවද ඒ වනවිටත් නිවසේ දේපල සියල්ලක්ම පාහේ ගින්නෙන් විනශ වී ඇති අතර වව්නියාව පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.
(වන්නි රොමේෂ් මධූෂංක)
දෙවියන්ට වුනත් ආවට ගියාට පහන් තියලා හරියන්නේ නෑ.