යාපනයේ චෙම්මනි ප්‍රදේශයේ කැණීම් කටයුතු සිදු කෙරෙන සමූහ මිනී වලෙන් කුඩා දරුවකුගේ
අස්ථි කොටස් හා ඒ අසල තිබී පාසල් බෑගයක් හමු වී තිබෙනවා.

පෙරේද (29) දින කැණීම් කටයුතු වලදී මිනිස් අස්ථි කොටස් හයක් හමු වී ඇති අතර මේ වන විට
එම සමූහ මිනී වලෙන් හමු වී ඇති මිනිස් අස්ථි කොටස් ගණන 33 කි.

යාපනය, චෙම්මනි, සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ මෙම සමූහ මිනීවල පිහිටා ඇති අතර
යාපනය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ තෙවන අදියරේ කැණීම් කටයුතු ජූනි මස 26 දා
ආරම්භ වුණා.

තෙවන අදියරේ කැණීම්වල දෙවන හා තෙවන දිනයේදී කාන්තාවකගේ යැයි සැක කරන අස්ථි කොටස්
කිහිපයක් මතු කර ගෙන ඇති අතර, අදාළ කාන්තාවගේ පපු ප්‍රදේශය ආසන්නයේ කුඩා දරුවෙකුගේ
යැයි සැක කෙරන අස්ථි කොටස් කිහිපයක් හමු වී ඇත.

උතුරු-නැගෙනහිර අතුරුදන් වූවන්ගේ සංගමය සඳහන් කළේ, මේ පිළිබඳව විශේෂ අවධානයෙන්
පසුවන බවත් යම් අවස්ථාවක අදාළ දරුවා මවගේ තුරුලේ සිටියදී ඝාතනය වී ඇති බවට සැකයක්
මතුවන බවයි.

එමෙන්ම මෙම ස්ථානයෙන් පාසල් බෑගයක් බවට සැක කෙරෙන බෑගයක් මතු වී ඇති අතර ඒ අසල
කුඩා දරුවෙකුගේ මළ සිරුරකට අදාළ අස්ථි කොටස් කිහිපයක් තිබී හමුව ඇත.

පාසල් බෑගය තුළ යමක් පවතින්නේ නම් ඒ හරහා මෙම අස්ථි කොටස් කුමන කාලයකට අයත් දැයි
යන්න නිගමනය කළ හැකි බව ද උතුරු-නැගෙනහිර අතුරුදන් වූවන්ගේ සංගමය සඳහන් කළා.

යාපනය මහේස්ත්‍රාත් ඒ. ආනන්දරාජාගේ අධීක්ෂණය යටතේ, පුරාවිද්‍යාව පිළිබඳ කැලණිය
විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව හා යාපනය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය
නිලධාරී සෙල්ලයියා ප්‍රණාවන් යන අයගේ ප්‍රධානත්වයෙන්, යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ නිලධාරීන්,
යාපනය පොලිසියේ නිලධාරීන් සහ බෝම්බ නිශ්ක්‍රීය අංශ නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් කැණීම් සිදු
කරනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here