යාපනය මහ නගර සභාව විසින් කුණු කසල ඉවත් කොට ගොඩ ගසන කලුන්දෙයි ප්‍රදේශයේ
පිහිටි කුණු කන්ද ඊයේ (30) සිට ගිණි ඇවිලෙමින් පවතිනවා.
මේ වන විට විශාල ගින්නක් පැතිර යමින් පවතින නමුත් යාපනය මහ නගර සභාවේ ගිණි
නිවන රථ හා එහි සම්පත් කසල කන්දේ ගින්න නිවීමට ප්‍රමාණවත් නොවන බව යාපනය
මහ නගර සභාවේ ප්‍රකාශකයෙකු පැවසුවා.
යාපනය මහ නගර සභාවේ ගිනි නිවන රථයක් පමණක් නිසි ලෙස ක්‍රියාත්මක වන බවත්,
අනෙක් දෙක අක්‍රියව පවතින බවත් ඔහු ප්‍රකාශ කළා.
එබැවින් බවුසරයක් ආධාරයෙන් ජලය ඉසින මෙහෙයුම් සිදු කළද ගින්න පාලනය කිරීමට
නොහැකි වී ඇති බව නගර සභාවේ ප්‍රකාශකයා කියා සිටියා.
පළාත් කසල කන්ද ගිණි ගැනීම නිසා විශාල දුමාරයක් පුරා හමායන අතර දැඩි දුර්ගන්ධයක්ද
ඒ ප්‍රදේශය පුරා පැතිර යන්නට පටන් ගෙන තිබෙනවා.
මේ ගින්නත් සමගම යාපනයේ ජනතාව යාපනය මහ නගර සභාවේ නිලධාරීන්ට චෝදනා
කරමින් ප්‍රකාශ කොට සිටින්නේ නගර සභාව විසින් කසල බැහැර කිරීම සදහාත් කසල
ප්‍රතිචක්‍රීකරණය කිරීම පිණිසත් නිසි වැඩ පිලිවෙලක් සකස් නොකිරීම නිසා සෑම වර්ෂයකම
පාහේ කලුන්දෙයි ප්‍රදේශයේ මෙම කසල කන්ද ගිණි ගැනීමෙන් අනවශ්‍ය පාරිසරික ප්‍රශ්න වලට
යාපනයේ ජනතාවට මුහුණ පෑමට සිදුවන බවයි.