කිළිනොච්චිය පුනරීන් මහා විද්‍යාලය අසලදී 30 දා සවස යතුරු පැදියක් හා වෑන් රථයක්
මුහුණට මුහුණ ගැටීමෙන් පසුව ඇති වූ ගින්නෙන් වාහන දෙකම ගිණිගෙන දැවී ගොස්
තිබෙනවා.

ඊයේ (30) සවස මෙම බිහිසුණු අනතුර සිදුවී ඇති බව පොලිසිය පවසනවා.

වාහන වලට ගිණි ඇවිලීමත් සමගම අවට සිටි පිරිස ගිණි ජාලා මැදින් ගොස් විපතට පත්ව
සිටි තුන් දෙනෙකු බේරාගෙන කිළිනොච්චිය රෝහල වෙත පිටත් කොට යවා ඇත.

යතුරු පැදිකරු හා වෑන් රථයේ සිටි දෙදෙනෙකු මෙම අනතුරෙන් පිලිස්සුම් තුවාල ලබා ඇති
අතර එක් අයෙකුගේ තත්ත්වය ඉතා අසාධ්‍ය බව කිළිනොච්චිය රෝහලේ වෛද්‍යවරු ප්‍රකාශ
කළා.

මෙම අනතුර සම්බන්ධයෙන් පුනරීන් පොලීසිය පරීක්ෂණ පවත්වනු ලබනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here