සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවා ඇති බැවින් වැඩි මිලට සහල් අලෙවි කරන වෙළෙඳුන් සොයා නීතිය ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය අවධාරණය කරයි.

එම අධිකාරිය සඳහන් කරනුයේ ගැසට් පත්‍රයක් මඟින් සහල් සඳහා පාලන මිලක් පනවා ඇති බැවින් නියම කර ඇති මිල ගණන්වලට වඩා වැඩි මිලකට සහල් අලෙවි කිරීම නීතියෙන් තහනම් වන බවයි.

ඒ අනුව වැඩි මිලට සහල් අලෙවි කරන්නන් සොයා වැටලීම් දියත් කරන බවත් වැඩි මිලට සහල් අලෙවි කරන්නන් සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ටද පැමිණිලි කළ හැකි බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දන්වා සිටී.

කාර්යාල වේලාවන් තුළදී 1977 අමතා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුවත් කළ හැකි බවද එම අධිකාරිය පවසයි.

සහල් අලෙවි කිරීමේදි සුදු සහ රතු දේශීය කැකුළු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 220ක් ලෙසත් සුදු සහ රතු නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 230ක් ලෙසත් පාලන මිල පනවා තිබේ.

එමෙන්ම සුදු සහ රතු සම්බා කැකුළු සහ තම්බන ලද දේශීය සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 240ක් ලෙසත් කීරි සම්බා කැකුළු කිලෝග්‍රෑමයක් රුපියල් 260ක් ලෙසත් පාලන මිල පනවා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here