ශ්‍රී ලාංකේය පළමු ඉටි රූ කෞතුකාගාරය තවත් නොබෝ දිනකින් ඓතිහාසික මහනුවර නගරයේදී දෙස් විදෙස් සංචාරකයින් වෙත විවෘත වීමට නියමිතයි.

මෙලෙස ඉටි රූ කෞතුකාගාරයක් ලෙස ප්‍රති නිර්මාණය වන්නේ මහනුවර ඓතිහාසික ඇහැළේපොළ වලව්වයි.

ඇහැළේපොළ වලව්ව ශ්‍රී දළදා මාලිගාව වෙත විශේෂ දීමනා පත්‍රයකින් පූජා කිරීමෙන් පසු, එහි පෞරාණිකත්වය හා වටිනාකම් ආරක්ෂා වන පරිදි මෙයාකාරයෙන් ප්‍රති නිර්මාණය වනු ඇති.

ඒ අනුව එය විවෘත කිරීමට ප්‍රථම ඇහැලේපොළ මහා අධිකාරම්තුමා ඇතුළු එතුමාගේ පවුලේ අයටත්, මෙම කාර්යය උදෙසා වෙහෙස මහන්සි වූවන් සැමටත් ආශිර්වාද පතා ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමා විසින් සර්ව රාත්‍රික පිරිත් පින්කමක් සහ සියක් නමක් විෂයෙහි මහා සාංඝික දානමය පින්කමක් ද සංවිධානය කර තිබුණා.

ඒ, ඊයේ සහ අද (01) දෙදින ඓතිහාසික ඇහැළේපොළ වලව්ව පරිශ්‍රයේදී.

එම සුවිශේෂී අවස්ථාවේ ඡායාරූප එකතුව පහතින්….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here