දුර්වල අකාර්යක්ෂම බොරුකාර රැවටිලිකාර වත්මන් රජයේ ක්‍රියාපටිපාටිය තුළ රටේ ජනතාවට ලොකු හානියක් සිදුවන බවත් ඊයේ දිනයේ හිටිහැටියේම තෙල් මිල ඉහළ දැමූ බවත් තෙල් මිල ඉහළ දැමූ වත්මන් රජය පසුගිය මැතිවරණවල දී පවතින තෙල් මිල සූත්‍රය වෙනස් කරන බවට පැවසු බවත් ඊට අමතරව වරායේ ගොඩබාන මිලටම තෙල් ටික පාරිභෝගික ජනතාවට ලබා දෙන බවට ප්‍රකාශ කළ බවත් වරායේ ගොඩබාන විට එක මිලක් සහ ජනතාවට ලබා දෙන්නේ තවත් මිලකට බවත් එයට හේතුව දූෂණය වංචාව හොරකම කොමිස් ගැසීම බවත් ඒවා සියල්ල නතර කර තෙල් මත පටවන බදු ඉවත් කර බලාපොරොත්තු වූ ආකාරයටම වරායේ ගොඩබාන මිලටම තෙල් ටික දෙනවා කිව්වත් එය ද නොවූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ඇමතිවරුන්ට නිලධාරීන්ට යන කොමිස් මුදල් නතර කළා ද ඉන්ධන මත පටවන බදු බර නැති කළා ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් වරායේ ගොඩබාන මිලටම පාරිභෝගික ජනතාවට තෙල් ලබා දෙනවාද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් IMF එකේ 4 වැනි වාරිකය ලබා ගැනීමට ඒ කොන්දේසි ක්‍රියාත්මක කරන්නේද කියා ගැටලුවක් ඇති බවත් තෙල් මිල සූත්‍රය වෙනස් කර ජනතාවාදී කරනවා යැයි පැවසුවත් අද මොවුන් පිළිපදින්න හිටපු රජයේ තෙල් මිල සූත්‍රය බවත් තෙල් මිල ඉහළ දැමූ පදනම දැන ගැනිමට අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.