මිනුවන්ගොඩ නගරයේදී ව්‍යාජ ඩොලර් නෝට්ටු සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
ගෙන තිබෙනවා

ඊයේ (01) මිනුවන්ගොඩ නගරයේ බැංකුවකට පැමිණ පුද්ගලයෙකු ඩොලර් නෝට්ටු
6ක් බැංකු නිලධාරීන්ට ලබාදී තිබෙනවා.

මෙම නෝට්ටු ව්‍යාජ ඒවා බව හඳුනාගත් බැංකු නිලධාරීන් ඒ පිළිබඳව මිනුවන්ගොඩ
පොලිස් ස්ථානය දැනුවත් කිරීමෙන් පසු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පැමිණ
සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.

එහිදී සැකකරු සන්තකයේ තිබු ව්‍යාජ මුදල් නෝට්ටු 06 ක් පොලිසිය භාරයට ගනු
ලැබුවා.

සැකකරු අවුරුදු 45 ක් වයසැති රස්නායකපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here