නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් තේරි පත් වූ ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා සහ දමිළ ප්‍රගතිශීලි සංධානයෙන් (සජබ) එම සභාවට තේරි පත් වූ උප සභාපති නඩරාජා සිවකුමාර් මහතා දැඩි පොලිස් ආරක්ෂාව යටතේ (02) දින එම සභාවට පැමිණ සර්ව ආගමින වතාවත් පවත්වා එම ධුරයේ වැඩ කටයුතු නිළ වශයෙන් ආරම්භ කෙරිණ.

එම සභාවට ජාතික ජන බලවේගයෙන් තේරි පත් වූ ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා ඇතුලු සෙසු සභිකයින් 06 දෙනා, දමිළ ප්‍රගතිශීලි සංධානයෙන් පත් වූ සභිකයින් 05 දෙනා සහ ආධාරකරුවන් සමග සභාව වෙත පැමිණ නිළ වශයෙන් වැඩ භාර ගැනීමෙන් පසු සභාපතිවරයා නෝර්වුඩ් ප්‍රාදේශීය සභවේ කාර්යමණ්ඩලය සමග ඉදිරි වැඩ පිලිවෙළ පිලිබදව දැනුවත් කරනු ලැබුවා.

නිළ වශයෙන් වැඩ භාර ගැනීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දැක්වූ නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කියා සිටියේ “නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව පසුගිය පාලන කාලයේ දුෂණ සහ අක්‍රමිකතා ගණනාවක් සිදු වී ඇති ප්‍රාදේශීය සභාවක් බවයි.

වත්මන් ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව නුවරඑලිය දිස්ත්‍රික්කයේ හොදම ප්‍රාදේශීය සභාව බවට පත් කරන බවයි.

නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා නිළ වශයෙන් වැඩ භාර ගන්නා අවස්ථාවේ ප්‍රාදේශීය සභාව ඉදිරිපිට වතුකරය නියොජනය කරන වෘත්තීය සමිතියක පිරිසක් විරෝධතාවයක් දැක්වීමට සුදානමක් ඇති බවට ලද තොරතුරක් මත නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණි.

(හැටන් රංජිත් රාජපක්ෂ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here