සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදී සිදුවී ඇති වංචා, දූෂණ හා අක්‍රමිකතා සෙවීම සඳහා ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක් පිහිටුවීමට අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව, 2010 – 2025 කාලසීමාව තුළ ඉහත සඳහන් ආයතනවල සිදුවී ඇතැයි සැලකෙන වංචා, දූෂණ සහ අක්‍රමිකතා සොයා බලා, නිර්දේශ සහිත සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා මෙම කමිටුව පත්කර ඇති බවයි සඳහන් වෙන්නේ.

හිටපු විගණකාධිපති එච්.එම්. ගාමිණී විජේසිංහගේ සභාපතිත්වයෙන් යුතුව මෙම ජනාධිපති විශේෂ විමර්ශන කමිටුව පත්කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here