ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර අද පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රි ලංකා කණ්ඩායම සිය පන්දුවාර 49.2 අවසානයේ කඩුලු සියල්ලන් දැවී ලකුණු 244 රැස් කරනු ලැබුවා.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කල නායක චරිත් අසලංක ලකුණු 106 රැස් කරනු ලැබුවා.කුසල් මෙන්ඩිස් ලකුණු 45ක් සහ ජනිත් ලියනගේ ලකුණු 29ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී බංගලාදේශ කණ්ඩායම වෙනුවෙන් ටස්කින් අහමඩ් කඩුලු 4ක් සහ හසන් සකිබ් කඩුලු 2ක් බිඳ හෙලුවා.

ඒ අනුව බංගලාදේශ කණ්ඩායම ලකුණු  245ක ඉලක්කයක් හබායාමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here