පසුගිය කාලයේ විපක්ෂයේ සිට තමා බලයක් නොමැතිව වැඩක් කළ බවත් සක්වල වැඩසටහන හරහා පාසල්වලට පරිගණක, ස්මාර්ට් බෝඩ්, මුද්‍රණ යන්ත්‍ර පරිත්‍යාග කරනවා සේම එහිදී ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණය වර්ධනය කිරීමේ වැදගත්කම ද ඉස්මතු කළ බවත් මේවා රටට ඉදිරිපත් කිරීමේ දී දේශපාලන ප්‍රහාරවලට මුහුණ දීමට පවා සිදු වූ බවත් ඉංග්‍රීසි භාෂා දැනුම වැඩිවැඩියෙන් ලබා දෙන්න අවශ්‍ය බව පවසන විට සුහුරු අධ්‍යාපනය ගැන කියද්දි වෙනත් භාෂා හැදැරීම ගැන කියද්දි උසුලු විසුළු කළ බවත් මෝඩ කතා යැයි තමාට අපහාස කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සත්‍ය කවදා හෝ ජය ගන්නා බවත් පසුගිය දිනවල තමා කියූ කතාවල සත්‍ය ජනතාවට වැටහී ගිය බවත් තමා කිසිදින ඉංග්‍රීසි වැරදියට භාවිත කිරිම නිසා කිසිවෙකුටවත් විහිලු නොකරන බවත් ඉංග්‍රීසි භාෂාව වැරදි ආකාරයට භාවිත කිරිමට වගකිව යුත්තේ යාවත්කාලීන නොවූ ලෝකය යන රටාවට වෙනස් නොවූ යල්පැනගිය අධ්‍යාපනය බවත් එම නිසා දැන්වත් සත්‍ය අවබෝධ කර ගෙන ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ විහිලුකාරයන් නොවී මෙරට දරු පරපුරට වත්මන් පරපුරට සාධාරණත්වය ඉටු කරන්න අධ්‍යාපන ක්‍රමයේ පැහැදිලි වෙනසක් ඇති කර ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය කරා යා යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ දෙහිඅත්තකන්ඩිය ප්‍රාදේශීය සභාවේ අභිනව සභාපති ගයාන් දර්ශන මහතා විසින් අම්පාර උහන ගෝනගල ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජයාණන්ව හන්සේගේ කොත් වහන්සේ නිරාවරණය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ඉංග්‍රීසි භාෂා අධ්‍යාපන අයිතිය කෝටි ප්‍රකෝටි පවුල්වලට පමණක් නොව සාමාන්‍ය ජනතාවට ද හිමිවිය යුතු බවත් එය මූලික හා මානව අයිතියක් බැවින් තමාට කොතරම් පහර පිට පහර ගැහුවත් සත්‍ය හෙළිදරව් වී ඇති බවත් පසුගිය දිනවල ජාත්‍යන්තර සම්මේලනයේ දී සිදුවූ දේ ගැනවත් සිතා බරපතල ඌනතා විෂමතාවලට විසදුම් ලබා දීම පාලකයන්ගේ සේම මහජන නියෝජිතයන්ගේ ද වගකීම බැවින් ඒ වෙනුවෙන් කටයුතු කරන ලෙසත් රජයේ පාසල් සෑම එකකම ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයට මූලිකත්වය ලබා දිය යුතු බවත් ඒ සදහා අවශ්‍ය සම්පත් ලබා දිය යුතු බවත් මේ සඳහා අවශ්‍ය සියලු සහයෝගය විපක්ෂයක් ලෙස ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

1 COMMENT

  1. You really make it appear really easy along with your presentation however I in finding this topic to be really something that I think I’d by
    no means understand. It kind of feels too complex and extremely large for me.
    I am taking a look ahead for your next submit, I will attempt to
    get the hang of it!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here