ශ්‍රී ලංකා පොලීසියේ ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය පිළිබඳව දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා පොලීසියේ පරිපාලන අවශ්‍යතාවයන් සපුරාගැනීම සඳහා පොලිස් නිලධරයන් විවිධ ප්‍රදේශවලට ස්ථාන මාරු කිරීම ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් අනුමත කර ඇති ස්ථාන මාරු ප්‍රතිපත්තියට අනුව සිදුකරන බවයි පොලීසිය සඳහන් කළේ.
සමස්ත දිවයින තුළ පොලිස් ස්ථාන 608 හි මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයෙකු හෝ ස්ථානාධිපතිවරයෙකු, ක්‍රියාකාරී කොට්ඨාස 59 ක ස්ථානාධිපතිවරුන් මෙන්ම සහකාර පොලිස් අධිකාරී දිස්ත්‍රික්ක 196 ක රාජ්‍ය නිවේදිත නිලධාරීන් වෙතද විවිධ අවස්ථාවන් වලදී ඉහත නිර්නායක හා රාජකාරි අවශ්‍යතා මත ස්ථාන මාරුවීම් ලබාදීම සිදුකරනු ලබන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,
