වී අලෙවි මණ්ඩලය විසින් අද (03) සිට පහත සඳහන් මිල ගණන් යටතේ වී මිලදී ගන්නා බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා.

ඒ අනුව, නාඩු කිලෝග්‍රෑම් එකක් රුපියල් 120ක්, සම්බා කිලෝග්‍රෑම් එකක් රුපියල් 125ක් සහ කීරි සම්බා කිලෝග්‍රෑම් එකක් රුපියල් 132ට මිලදී ගැනීමට නියමිතයි.

මේ සඳහා පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 06ක් වෙන් කර තිබෙනවා.

අඩු මිලට වී නොදෙන ලෙසයි නියෝජ්‍ය අමාත්‍යවරයා ගොවීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here