කඳාන පොදු වෙළඳපොළ අසල අද උදෑසන සිදු වූ වෙඩි තැබීමෙන් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් කඳානේදී මෝටර් රථයකට වෙඩි තැබූ අතර, එහි ගමන් කළ දෙදෙනා තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවයි.

මෙලෙස තුවාල ලැබූවන් අතර අභාවප්‍රාප්ත අමාත්‍ය මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම් ලෙස සේවය කළ සමීර මනහර නම් අය ද වන බව සඳහන්.

අනෙක් පුද්ගලයා, ඔහුගේ මස්සිනා බවයි වාර්තා වන්නේ.

ඒ අනුව වෙඩි වැදීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ සමීර මනහරගේ මස්සිනා (වයස අවුරුදු 50) බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here