වවුනියාවේ නව බස් නැවතුම්පල අසලදී තරුණයෙකු පැහැරගෙන ඔහුගේ බැංකු ගිණුමෙන්
රුපියල් 50,000 ක මුදලක් බලහත්කාරයෙන් ලබා ගෙන පලාගිය සැකකරුවන් තුන් දෙනෙකු
වවුනියාව පොලීසියෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පෙරේද (01) යාපනයේ සිට පැමිණ බස් රථයක් බලාපොරොත්තුවෙන් මාර්ගය අසල සිටි 18
හැවිරිදි තරුණයෙකු බිය ගැන්වූ පුද්ගලයින් තුන් දෙනෙකු ඔවුන් පොලීසියේ බව පවසා
තරුණයාව පරීක්ෂා කොට ඇත.
පසුව ඔහුගේ බැංකු කාඩ්පත ඔවුන් බාරයට ගෙන තරුණයා ලවා අසල වූ ඒ. ටී.එම් යන්ත්‍රයකින්
රුපියල් 50,000 ක මුදලක් ලබා ගෙන එම සැකකරුවන් තුන් දෙනා මෝටර් රථයකින් පලා ගොස්
තිබෙනවා.
තරුණයා මේ සම්බන්ධයෙන් වවුනියාව පොලීසියේ අපරාධ විමර්ශන අංශය වෙත පැමිණිලි
කිරීමෙන් පසුව පොලීසිය විසින් සිදු කළ පරීක්ෂණ වලින් අනතුරුව සිද්ධියට සම්බන්ධ
සැකකරුවන් තුන් දෙනා යාපනය මනිපායී ප්‍රෙදේශයේ සිටියදී අත් අඩංගුවට ගත් බව පොලිසිය
පවසනවා.
වයස අවුරුදු 19 ත් 21 ත් අතර වයස් වල පසුවන මෙම සැකකරුවන් තුන් දෙනා මිතුරෙකුගේ මෝටර්
රථයක් ඉල්ලාගෙන මෙම අපරාධය සදහා පැමිණ ඇති අතර පොලීසිය විසින් එම මෝටර් රථයද
අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත් අඩංගුවට ගත් සැකකරුවන් වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට වවුනියාව පොලීසියේ
අපරාධ විමර්ශන අංශය පියවර ගෙන ඇත.