Aliexpress හරහා භාණ්ඩ ආනයනය කිරීමේදී මතුව ඇති ගැටලුව සම්න්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ ප්‍රතිචාර දක්වා තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනවලට දැවැන්ත තර්ජනයක් වී ඇති පාර්සල් ආනයනය කිරීමේ රේගු බදු ක්‍රමය වෙනස් කර ඇති බවත් මීට පෙර කිලෝ 1 ක පාර්සලයක ඕනෑම භාණ්ඩයක් සඳහා රුපියල් 800 ක බද්දක් ගෙවා නිදහස් කර ගැනීමට හැකියාව තිබූ අතර එම නිශ්චිත අගයට අඩු නම් බදු ඇතුළත් නොවූ බවත් එය බොහෝ පිරිසක් අවභාවිතා කර තිබු බවයි සිය Facebook ගිණුමේ සටහනක් තබමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.
නව ක්‍රමවේදය යටතේ මෙරටට ගෙන්වන සියලුම පාර්සල් HS කේත අනුව බදු අය කරන බවත් මින් ඉදිරියට බර අනුව බදු අය කිරීමක් සිදු නොවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
මෙම නව ක්‍රමවේදය හේතුවෙන් අධ්‍යාපන හා පර්යේෂණ කටයුතු සඳහා ගෙන එන භාණ්ඩවලට බදු අයවන බවට චෝදනාවක් ඇති බවත් ඉදිරියේදී ඒ සඳහා සංශෝධන ගෙන එන බවයි නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.
අදාළ සටහන පහතින්.
