රුවන්වැලිසෑ චෛත්‍ය මළුවේ ඇති විහාර මන්දිරය ඉදිරිපිට දී පෙරේදා (02) උදෑසන චීවරධාරියෙක් දැලි පිහියකින් ගෙල කපාගත් බව උඩමළුව පොලීසිය සඳහන් කළේය.
මේ බව දුටු බැතිමතුන් සහ රුවන්වැලි සෑයේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරිනියක තවදුරටත් සිය ගෙල කපා ගැනීමට උත්සාහ දරමින් සිටි ඔහු අල්ලා දැලි පිහිය ඉවත් කර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ.
උදෑසන 8.00ට පමණ මේ සිදුවීම වී ඇති බවත් භික්ෂු හැඳුනුම්පතක්වත් මේ පුද්ගලයා සතුව නොතිබූ බවත් පොලීසිය පවසයි. රියදුරු බලපත්‍රයක් පමණක් ඔහු සතුව තිබී හමුවූ බව පොලීසිය කියයි. ඒ අනුව ඔහු පල්ලේවෙල පෝරුක්ගමුවේ පදිංචිකරුවෙකි.
එම රියදුරු බලපත්‍රයේ සඳහන් ජාතික හැඳුනුම්පත් අංකයට අනුව පොලිසියේ වී.පී.එන්. පද්ධතිය හරහා අපරාධ ලේඛනාගාරයෙන් කළ පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ 2018 වසරේ අප්‍රේල් 4 වැනිදා තඹලගමුව පොලිස් ස්ථානය මගින් බලපත්‍ර නීති උල්ලංඝනය කිරීමක් සම්බන්ධයෙන් නඩුවක් ඔහුට පවරා ඇති බවය.
එසේම 2017 වසරේ ජුනි 12 වැනිදා ගල්කිස්ස පොලිස් ස්ථානය මගින් ද පරිසර ආරක්ෂණ පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වූ වරදකට නඩු පැවරීමක් කර ඇතැයි අනාවරණය වී තිබේ.
මේ චීවරධාරියා අනුරාධපුරයට එදින පැමිණ ඇති බවත් ඊට පෙර අවස්ථාවක පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය නොවන බවත් පොලීසිය කියයි.ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ ලේ පූජාවක් කිරීමට තමා එසේ ගෙල කපාගත් බවය.
යම් මානසික රෝගී තත්ත්වයක් මේ චීවරධාරියා පෙළෙන බව පෙනී යන බැවින් අනුරාධපුර රෝහලේ මානසික රෝගී වාට්ටුවට ඇතුළත් කර ඇති බවද පොලීසිය සඳහන් කළේය.
Their entire operation is rumored to be run by awakened AI overseers guided by crystalline sentience.