ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ඉදිරි දැක්ම ධනාත්මක වුව ද අවදානම් ඉහළ ගොස් ඇති බව ජාත්යන්තර
මූල්‍ය අරමුදල පවසනවා.

ආර්ථික කම්පන ඇති වුවහොත් එහි බලපෑම් තක්සේරු කිරීමට සහ වැඩසටහනේ ආකෘතිය තුළ
ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සකස් කිරීමට ශ්‍රී ලංකාවේ බලධාරින් අරමුදල සමඟ සමීපව කටයුතු කළ
යුතු බව ජාත්යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ සහ වැඩබලන සභාපති
කෙන්ජි ඔකමුරා ප්‍රකාශ කරනවා.

ජාත්යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ සාකච්ජාවෙන් පසුව නිවේදනයක් නිකුත් කරමින්
නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ සහ වැඩබලන සභාපති කෙන්ජි ඔකමුරා මේ බව සඳහන් කළා.

එහිදී ජාත්යන්තර මූල්‍ය අරමුදලේ වැඩබලන සභාපති කෙන්ජි ඔකමුරා වැඩිදුරටත් මෙසේ සඳහන්
කළා …..

” වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී මතු වූ අවදානම් වලට විසඳුම් ලබා දීමත් සමඟ, ජාත්යන්තර
මූල්‍ය අරමුදලෙන් සහාය ලැබෙන වැඩසටහන යටතේ කාර්ය සාධනය සාමාන්‍යයෙන් ශක්තිමත්
මට්ටමක පවතී…., ආර්ථික වර්ධනය ශක්තිමක් වීම…. උද්ධමනය අඩු මට්ටමක පැවතීම… සංචිත
ගොඩ නැඟීම සහ රාජ්‍ය ආදායම වැඩි දියුණු වීම සමඟ ප්‍රතිසංස්කරණ ඵලදායී වෙමින් පවතින බව
පෙනී යයි….. ණය ප්‍රතිව්‍යුහගත කරණය අවසන් අදියරට ළඟා වෙමින් ඇත…. ආර්ථිකයේ ඉදිරි
දැක්ම ධනාත්මක වුව ද අවදානම් ඉහළ ගොස් ඇත…. ආර්ථික කම්පන ඇති වුවහොත් එහි බලපෑම්
තක්සේරු කිරීමට සහ වැඩසටහනේ ආකෘතිය තුළ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සකස් කිරීම සඳහා
බලධාරින් අරමුදල සමඟ සමීපව කටයුතු කළ යුතුය….. ස්ථාවර වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම
ඉතා වැදගත් වනු ඇත….. රාජ්‍ය මූල්‍ය තිරසාර බව යළි ඇති කිරීම සහ රාජ්‍ය මූල්‍ය අවකාශයක්
ඇති කිරීම සඳහා රජයේ ආදායම් රැස්කිරීම දිගුකාලීනව ශක්තිමත් කිරීම ඉතා වැදගත් වේ…. බදු
සහන රාමුව ශක්තිමත් කිරීම,… බදු අනුකූලතාව ඉහළ නැංවීම, සහ ඵලදායි ලෙස හිඟ මුදල්
කළමනාකරණය සහතික කිරීම සඳහා රාජ්‍ය මූල්‍ය කළමනාකරණය වැඩි දියුණු කිරීම වැදගත් වේ.
අවදානමට ලක්විය හැකි අය සඳහා සහාය ලබාදීමට සමාජ ආරක්ෂණ ජාලවල ආවරණය සහ
ඉලක්කගත කිරීම තවදුරටත් ශක්තිමත් කිරීම ද අවශ්‍ය වේ….. පවතින රාජ්‍ය මූල්‍ය අවකාශය තුළ
ප්‍රාග්ධන වියදම් සිදු කිරීම සුමටව ක්‍රියාවට නැංවීම මැදි කාලීන වර්ධනය ශක්තිමත් කිරීමට උපකාරී
වනු ඇත…. පිරිවැය ආචරණය කෙරෙන විදුලි මිලකරණය යළි ක්‍රියාවට නැංවීම සහ ස්වයංක්‍රීය විදුලි
ගාස්තු ගැළපුම් ක්‍රියාවට නැංවීම ප්‍රසංසනීය වන අතර රාජ්‍ය මූල්‍ය අවදානම් මැඩ පැවැත්වීම සඳහා
මෙම ප්‍රතිපත්ති ඉදිරියට පවත්වාගෙන යා යුතුය.
” ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරණය ඉදිරියට ගෙන යාමේ ප්‍රගතිය කැපී පෙනේ… ඉතිරි නිල සහ
වාණිජ ණය හිමියන් සමඟ පවතින ද්විපාර්ශ්වික ගිවිසුම් නියමිත කලට අවසන් කිරීම ප්‍රමුඛතාවක්ව
පවතී….
“රජයේ අයවැය පරතරය මහ බැංකුව මගින් මුල්‍යනය වැළැක්වීමට සහ මහ බැංකුවේ ස්වාධීනත්වය
ආරක්ෂා කිරීමට ඇති තිරසාර කැපවීමේ සහාය ද සහිතව මුදල් ප්‍රතිපත්තිය මගින් මිල ස්ථායිකාවට
ප්‍රමුඛත්වය ලබා දීම අඛණ්ඩව සිදු විය යුතුය….. බාහිර ස්වාරක්ෂක සහ ආර්ථිකයේ ඔරොත්තු දීමේ
හැකියාව නැවත ගොඩ නැංවීමට විනිමය අනුපාතිකයේ ඉහළ නම්‍යශීලී බව සහ ගෙවුම් තුලනය
සම්බන්ධයෙන් ගෙන ඇති පරිපාලනමය සීමා ක්‍රමයෙන් ඉවත් කිරීම ඉතා වැදගත් වේ… ණය
වර්ධනය වැඩි වීමට සහ පෞද්ගලික අංශයේ දියුණුවට සහාය වීමට අක්‍රිය ණයවල කාර්ය සාධනය
නැවත ඇති කිරීම…. රාජ්‍ය බැංකුවල යහපත් පාලනය සහ අධීක්ෂණය ශක්තිමත් කිරීම, සහ
බුන්වත්භාවය හා ඒ සම්බන්ධ විසඳුම් රාමු වැඩිදියුණු කිරීම වැදගත් වේ…. ශ්‍රී ලංකාවට විභව මට්ටම
කරා ළඟා වීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ඉතා වැදගත්ය… අපනයන වර්ධනය හා
විවිධාංගිකරණය ඉහළ නැංවීමට රජය විසින් පාලන ප්‍රතිසංස්කරණ සහ වෙළඳ පහසුකම් සැලසීම
සම්බන්ධයෙන් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ඉදිරියට පවත්වාගෙන යායුතුය”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here