අලිවැටේ විදුලිය විසන්ධි කිරීමට ගිය පුද්ගලයා වන අලි ප්‍රහාරයකින් ජිවිතක්ෂයට
පත්වී තිබෙනවා.
ඊයේ (03) තඹුත්තේගම මලිය දේවපුර ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකට ලක්වු
පුද්ගලයෙකු තුවාල ලබා තඹුත්තේගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස්
ඇත.
මේ පිළිබඳව තඹුත්තේගම පොලිස් ස්ථානය දැනුවත් කිරීමෙන් පසු පොලිසිය
විමර්ශනයක් ආරම්භ කළා.
මෙහිදී හෙළිවී ඇත්තේ මියගිය තැනැත්තා තම ඉඩමේ ඉදි කර ඇති අලිවැටේ විදුලිය
විසන්ධි කිරීමට යාමේදී මෙසේ වන අලි ප්‍රහරයට ලක්ව ඇති බවයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ අවුරුදු 68 ක් වයසැති මලියදේවපුර, කඹුත්තේගම ප්‍රදේශයේ
පදිංචිකරුවෙකි.