පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීම තව දුරටත් දීර්ඝකර ඇති බව
ශ්‍රී ලංකා මහා බැංකුව නිවේදනය කරනවා.

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත
යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විෂර්ශන
කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රාථමික
අලෙවිකරුවෙකු වශයෙන් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් මෙලෙස අත්හිටුවා
තිබෙනවා.

එම අත්හිටුවීමේ කාලය අද ( 2025 ජුලි මස 05 වැනි දින) පස්වරු 4.30 සිට බල පැවැත්වෙන පරිදි
තවත් මාස හයක (06) කාලසීමාවක් සඳහා දීර්ඝ කිරීමට තීරණය කරන ලද බව ශ්‍රී ලංකා මහ
බැංකුව නෙවේදනය කළා.

2015 වසරේ මුල් කාර්තුවේදී සිදුවූ බැදුම්කර නිකුතුවකට අදාලව සිදුවූ බව කියන වංචාවක්
සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාලව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට මෙම තහනම
ක්‍රියාත්මක වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here